Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th September 2019 19:01:03 Hours

මෑතකදී පැවැති තරඟාවලියේදී යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පළමුවරට වටිනා ත්‍යාග පිරිනමයි

මෑතකදී අවසන් වූ 97 වන ජාතික මළල ක්‍රීඩා තරඟාවලියේදී ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිපදෙනෙකු බිහි කළ අතර ජාතික අනුග්‍රාහකයින් කිහිපදෙනෙකු යුද්ධ හමුදා මළල ක්‍රීඩා ඉතිහාසයේ ප්‍රථම වතාවට ජයග්‍රාහි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට යතුරුපැදි, ජංගම දුරකථන, ක්‍රීඩා සපත්තු ඇතුළු වටිනා ත්‍යාග පිරිනැමීය.

මෙම තරඟාවලියේ හොඳම ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ කාර්මික සෙබල එල්.ඩි. ධනංජය සහ හොඳම ක්‍රීඩිකාව ලෙස 7 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සැරයන් යු.කේ.එන්. රත්නායක තේරීපත්වූ අතර ඔවුන් ඇගයුමට ලක් කරමින් ඇසෝසියේටඩ් මෝටර්වේස් පුද්ගලික සමාගමේ (Associated Motorways Pvt Ltd) අනුග්‍රහකත්වයෙන් යමහා (Yamaha) වර්ගයේ නව යතුරුපැදි දෙකක් ප්‍රදානය කරනු ලැබීය.

එමෙන්ම, හචින්සන් ටෙලිකොමිනිකේෂන් පුද්ගලික සමාගමේ (Hutchinson Telecommunication Private Limited) අනුග්‍රහකත්වයෙන් එම අවස්ථාවකදී ජයග්‍රාහකයින් දෙදෙනෙකු ඇගයුමට ලක් කරමින් වටිනා ජංගම දුරකථන දෙකක් පිරිනැමීය. තවද,  සිංගර් ශ්‍රී ලංකා පුද්ගලික සමාගමේ (Singer Sri Lanka Ltd) අනුග්‍රහකත්වයෙන් ජවන හා පිටිය මළල ක්‍රීඩා ඉසව්වල පළමු, දෙවන හා තෙවන ස්ථාන ලබාගත් සියලුම ජයග්‍රාහකයින් සඳහා පූමා වර්ගයේ ක්‍රීඩා සපත්තු විශාල ප්‍රමාණයක් ප්‍රදානය කරන ලදී.

සුගතදාස ක්‍රීඩාංගණයේදී තෙදිනක් පුරා පැවති 97 වන ජාතික මළල ක්‍රීඩා තරඟාවලිය - 2019 දී යුද්ධ හමුදා මළල ක්‍රීඩා ක්ෂේත්‍රයට තවත් පිළිගැනීමක් එක්කමින් යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් 27 ක්, රිදී පදක්කම් 24 ක් සහ ලෝකඩ පදක්කම් 18 ක් දිනාගැනීමට සමත්විය.

මෙම තරඟාවලියේදී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කාන්තා සෙබල විදුෂා ලක්ෂානී තුන්පිම්ම (කාන්තා) ඉසව්වේ ජාතික වාර්තාවක් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කෝප්‍රල් ලක්‍ෂිකා සුගන්ධි සප්තප්‍රයාම (කාන්තා) ඉසව්වේ ජාතික වාර්තාවක් පිහිටුවීමට සමත්වූහ. ජාතික මළල ක්‍රීඩා තරඟාවලියේදී දක්‍ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙම වසරේ අග භාගයේදී ආරම්භවීමට නියමිත දකුණු ආසියානු ක්‍රීඩා හා ලෝක ශූරතා තරඟාවලියට තෝරාගනු ලැබේ.

තරඟාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය සඳහා ශ්‍රී ලංකා යුද්ධ මළල ක්‍රීඩා කමිටුවේ සභාපති සහ දකුණු ආසියා මළල ක්‍රීඩා සංචිතයේ කළමනාකරු මෙන්ම බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ ඇතුළු යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු සහභාගි වූහ. Running sports | Upcoming 2021 Nike Dunk Release Dates - Iebem-morelos