Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st August 2017 15:18:39 Hours

මාලි රාජ්‍යයේ සාමසාධක රාජකාරින් සඳහා රැගෙන යාමට නියමිත උපකරණ යුද්ධ හමුදාධිපතිගේ පරික්ෂාවට

මාලි දේශයේ එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරින් සඳහා රැගෙන යාමට නියමිත තාක්ෂණික සංග්‍රාමික ප්‍රවාහන උපකරණ (CCE), එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ (UNDPKO) නියමයන්ට අනුව පරික්ෂාව කිරීම සඳුදා (31) දින පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ප්‍රධානත්වයෙන් සිදු කරනු ලැබීය.

බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය වෙත පැමිණි යුද්ධ හමුදාධිපතිවරයා වෙත කඳවුරු සම්මාන මුරය පසු කරගෙන යාම (drive-past Guard Turnout) පිළිගැන්විමෙන් අනතුරුව බටහිර ආක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ සහ අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරාල් ප්‍රියල් වික්‍රමරත්න විසින් පිළිගන්නා ලදි.

ඉන් පසුව, යුද්ධ හමුදා සැලසුම් අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් දුමින්ද ගමගේ විසින් මාලි දේශයේ එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරින් සඳහා රැගෙන යාමට නියමිත සංග්‍රාමික ප්‍රවාහන උපකරණ පිළිබඳව සවිස්තරාත්මක ඉදිරිපත් කිරීමක් යුද්ධ හමුදාධිපතිවරයා වෙත සිදුකිරිමෙන් පසු එම උපකරණ නිරික්ෂණය සඳහා ආරාධනා කරනු ලැබීය. එම උපකරණ පිළිබඳව හැදින්වීමක් කර්නල් ඩි.බි.සි. ජයසිංහ විසින් සිදු කළහ.

දැනට මෙරටට පැමිණ සිටින නිව්යෝර්ක් සහ මාලි හි එක්සත් ජාතීන්ගේ නියෝජිත පිරිසක් ඉදිරි දින කිහිපය තුල දී මෙම උපකරණ පරික්ෂා කිරීමට නියමිතව ඇත.

යුධෝපකරණ මාස්ටර් ජෙනරාල්, ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු, ප්‍රධාන සංඥා නිලධාරී, අධ්‍යක්ෂවරුන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

අනතුරුව, මාලි දේශයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීන් සඳහා රැගෙනයාමට නියමිත වෛද්‍ය උපකරණ, ගිලන්රථ සහ සැලසුම්ගත ව්‍යුහයන් පරික්ෂා කිරීම සඳහා යුද්ධ හමුදාධිපතිතුමා නාරාහෙන්පිට යුද්ධ හමුදා රෝහල වෙත පිටත්ව යන ලදි. එහිදි යුද්ධ හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ සහ වෛද්‍ය සේවා අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් කමල් සුමනපාල විසින් යුද්ධ හමුදාධිපතිතුමා පිළිගැනිමෙන් අනතුරුව වෛද්‍ය උපකරණ හා ගිලන් රථ පරික්ෂාව සඳහා කැඳවාගෙන යනු ලැබීය.

මෙහිදි යුද්ධ හමුදා සෞඛ්‍ය සේවා අංශ විසින් මාලි දේශයේ දී සිදු කිරීමට නියමිත වෛද්‍ය සේවාවන් පිළිබඳව යුද්ධ හමුදාධිපතිතුමා දැනුවත් කරන ලදි.

jordan release date | Nike Dunk - Collection - Sb-roscoff