24th November 2023 05:51:23 Hours
5 වන ශ්‍රී ලංකා සංග්‍රාමික රථ ආරක්‍ෂක භට කණ්ඩායම පසුගිය දා ගාවෝ (GAO) ගුවන්තොටුපලේදී බංගලාදේශ සාමසාධක බලඇණියෙන් රාජකාරි කටයුතු නිල වශයෙන් භාරගත්තේය.
මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිභාවය ඇතිකිරීමේ මෙහෙයුම් මූලස්ථානය වෙතින් ලබා දී ඇති උපදෙස් අනුව ශ්‍රී ලංකා සංග්‍රාමික රථ ආරක්‍ෂක භට කණ්ඩායමේ භටපිරිස් 2023 නොවැම්බර් මස 15 දින සිට 2023 දෙසැම්බර් මස 10 දින දක්වා අඛණ්ඩව රාජකාරි කටයුතුවල නිරතවනු ඇත.
ශ්‍රී ලංකා සංග්‍රාමික රථ ආරක්‍ෂක භට කණ්ඩායමේ අණදෙන නිලධාරි කර්නල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එන්.පී. වික්‍රමාරච්චි ගාඕ ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සංචාරයක නිරතවෙමින් එම ගුවන්තොටුපලේ ස්ථාපිත ආරක්‍ෂක ක්‍රමවේදයන් සහ අවධානම් සහගත ස්ථාන පිළිබඳව පූර්ණ පරීක්‍ෂණයක නිරතවිය.