Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th March 2017 12:43:53 Hours

මාලි දේශයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරින් සදහා පිටත්ව යාමට නියමිත යුද හමුදා කණ්ඩායම විශේෂ ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසයක නියැලේ

එක්සත් ජාතින්ගේ සාම සාධක රාජකාරීන් සඳහා ශ්‍රී ලංකා හමුදා කණ්ඩායම නුඳුරේ දී මාලි රාජ්‍ය බලා පිටත්ව යාමට නියමිතව ඇත. එම කණ්ඩායම මාලි රාජ්‍යයේ දී සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායම් රාජකාරින් ඉටු කිරීමට නියමිතව ඇති අතර, ඔවුන් හට අදාල රාජකාරීන් පිළිබඳ මනා අවබෝධයක් හා පෙර පුහුණුවක් ලබාදීමේ අරමුණින් විශේෂ ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසයක් 2017 මාර්තු මස 27 වන දින කන්කසන්තුරෙන් ආරම්භ කර දින 09 ක් පුරා කිලෝමීටර් 1166 ක දුරක් ගමන් කිරීමට නියමිතව ඇත. දින 15 ක් පුරා පැවැත්වීමට නියමිත මෙම අභ්‍යාසයේහි ආරම්භක කටයුතු 21 වන අගහරුවාදා නිල වශයෙන් ආරම්භවිය.

මාලි දේශයේ පවතින භූමි තත්වයන් සහ එහි අභියෝග පිළිබඳව දැනුවත් කිරීමට නිර්මාණය කරන ලද විශේෂ ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසය නිලධාරීන් 15 ක්, සෙසු නිලයින් 185 ක් සහ රථ 68 කින් යුත් සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායමකින් (Combat Convoy Company) සමන්විත වන අතර, එම අභ්‍යාසය අතරතුර මාලි රාජ්‍යයේ සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායම් රාජකාරිහි යෙදවීමට නියමිත භට පිරිස් සඳහා එක්සත් ජාතීන්ගේ රාජකාරීන් සිදු කිරීම සඳහා අවැසි දැනුම හා හැකියාවන් ලබාදීම උදෙසා නිර්මාණය කරන ලද ප්‍රායෝගීක යුද අභ්‍යාසයන්හි යෙදවීමට සැලසුම් කර ඇත.

යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ අනුමැතිය සහ මඟපෙන්විම මත ක්‍රියාත්මක මෙම අභ්‍යාසය පාබල භටපිරිස් සමඟ සන්නාහ සන්නද්ධ බලකා භට පිරිස්, යාන්ත්‍රික පාබල රෙජිමේන්තු භටපිරිස් සහ අනෙකුත් භට කාර්ය සම්පාදන අංශයන්ගෙන් සහ අභ්‍යාසය සඳහා සහභාගි වන නිදර්ශන සතුරු කණ්ඩායම් වලින් සමන්විතව කන්කසන්තුරෙන් ආරම්භ වී අදියර 4 ක් යටතේ දින 09 ක කාලයකින් පසු අප්‍රේල් 05 වන දින සුරිය වැව ප්‍රදේශයෙන් අවසන්වීමට නියමිතව ඇත.

මෙහිදි අභ්‍යාස සැලැස්මට අනුව නිර්මාණය කරන ලද විවිධ යුද අභ්‍යාස සහ පුහුණුවිම් සිදු කරමින් මෙම සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායම නාවල්අඩි, වෙඩිතලතිව්, ඔයමඩු, මින්නේරිය, පුත්තලම, මාදුරුඔය, බුත්තල පසුකරමින් සූරියවැව දක්වා ගමන් කිරීමට නියමිතය.

බ්‍රිගේඩියර් ඩි.එම්.ඩි.සී.ඩි. ගුණවර්ධන මෙම අභ්‍යාසයේ අභ්‍යාස අධ්‍යක්ෂක ලෙස කටයුතු කරන අතර, මෙහි නියෝජ්‍ය අභ්‍යාස අධ්‍යක්ෂ ලෙස බ්‍රිගේඩියර් එස්.යු.එම්.එන්. මානගේ කටයුතු කරනු ලබයි. ඒ අනුව මෙම අභ්‍යාසයේ පළමු අදියර යටතේ මාලී දේශයේ භූගෝලීය සහ භූමි ස්භාවයන් හා පවතින දේශපාලන ප්‍රවණතාවයන් මෙන්ම පරිපාලන ව්‍යුහය පිළිබඳව ද මනා දැනුමක් ලබාදීමට නියමිතය.

මෙම අභ්‍යාසයේ දෙවන අදියරේ දී ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසයේ සුදානම හා සැලසුම් කටයුතු පිළිබඳව අවධානය යොමු කිරීමෙන් අනතුරුව, තුන්වන අදියර යටතේ නිසි පරිදි ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසය ක්‍රියාත්මක කිරීමට කටයුතු සැලසුම් කර ඇත. එමෙන්ම, මෙම විශේෂ ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසයෙහි හතරවන අදියර යටතේ අභ්‍යාසය පිළිබඳ නැවත සමාලෝඡනයකින් අනතුරුව අප්‍රේල් 09 දින අවසන්වීමට නියමිතය.

මෙම පුහුණු අභ්‍යාසය මඟින් සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායම හට යුද හා සැපයුම්, අණදීම සහ නායකත්වය, හදිසි සැලසුම්, සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායම් හි වගකීම්, හදිසි අවස්ථාවක දි තීරණ ගැනීම්, සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායම් සරඹ යෙදවිම්, විරෝධතා පාලනය, බෝම්බ නිශ්ක්‍රිය කිරීම, පාලන හා භට කාර්ය සම්පාදන, සන්නිවේදනය සහ අනෙකුත් තාක්ෂණය පවත්වා ගැනීම යන විෂයන් යටතේ එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් ක්‍රියාපටිපාටියට අදාල විශේෂ පුහුණුවක් මෙන්ම මාලි දේශයේ සංග්‍රාමික ප්‍රවාහන රාජකාරීන් සඳහා ආවේනික භට කාර්ය හා සැලසුම් ක්‍රියාවලිය පිළිබඳව ද පුහුණු කිරීමට නියමිතය.

ශ්‍රී ලංකා යුද හමුදාව, එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරින් සඳහා භට පිරිස් ලබාදීම සිදු කරන සාමාජිකයෙකු ලෙස මේ වනවිට පිළිගෙන ඇති අතර, අප්‍රිකාවේ අටවන විශාල රාජ්‍යය වන මාලි දේශයේ සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායම් රාජකාරීන් සඳහා ද භට පිරිස් ලබාදෙන ලෙස ද ආරාධනා ලබා ඇත.

වැඩි විස්තර සදහා

මාලි දේශයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරින් සදහා පිටත් විමට නියමිත යුද හමුදා කණ්ඩායම විශේෂ ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසය ආරම්භ වේ

විශේෂ ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසය ආරම්භ කරමින් සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායම ගමන් අරඹයි

ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසය අවසන් අදියරට එළඹෙයි

spy offers | First Look: Nike PG 5 PlayStation 5 White Pink Black BQ6472-500 Release Date - SBD