Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd June 2020 05:44:55 Hours

මාලදිවයිනේ සිට පැමිණි පුද්ගලයෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි

QR 668 දරණ මගී ගුවන් යානයෙන් අද (23) දින උදෑසන පුද්ගලයින් 03 දෙනෙකු දෝහා සිට ද, EK 2528 දරණ මගී ගුවන් යානයෙන් පුද්ගලයින් 271 දෙනෙකු ඩුබායි සිට මෙරටට පැමිණ ඇති අතර ඔවුන් සියලුදෙනා ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට සියලු කටයුතු සුදානම් කර ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය අද (23) දින උදෑසන මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරනු ලැබීය.

අද (23) දිනය තුළදී මින්නේරිය නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 30 දෙනෙක් සහ දියතලාව යුද්ධ හමුදා රෝහල් නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 02 දෙනෙක් වශයෙන් පුද්ගලයින් 32 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් වී PCR පරික්‍ෂණ සිදුකර තම නිවෙස් වෙත පිටත් කර යැවීමට සූදානම් කර ඇත.

ඒ අනුව, අද (23) දිනය වන විට පුද්ගලයින් 16,215 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර තම නිවෙස් වෙත පිටව ගොස් ඇත. එසේම, අද (23) දිනය වනවිට ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 41 ක් තුළ පුද්ගලයින් 4,040 දෙනෙකු මේ වන විට නිරෝධායනය වෙමින් පසුවෙයි.

අද (23) දින උදෑසන වනවිට බ්‍රැන්ඩික්ස් පූනානි (Brandix Poonani) නිරෝධායන මධ්‍යස්ථානය වෙතින් මාලදිවයිනේ සිට පැමිණි එක් පුද්ගලයෙකු කොවිඩ්-19 ආසාදිතයෙකු ලෙස වාර්ථා වූ අතර, පුද්ගලයින් 28 දෙනෙකු අද (23) දිනය වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබිණි. ඉන් 15 දෙනෙකු විදේශයන්හි සිට පැමිණි පුද්ගලයන් වන අතර 13 දෙනෙකු නාවික හමුදාවේ විරෝදාර රණවිරුවන් ලෙස වාර්ථා වන බවද එම මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත. Asics shoes | Air Jordan