Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24th June 2020 09:01:25 Hours

මානසික ඒකාග්‍රතාවය පවත්වාගැනීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානයේදී පැවතිනි

මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙනුවෙන් මානසික ආතතිය අවම කිරීම සහ අභිප්‍රේරණය කිරීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් ඉකුත් අඟහරුවාදා (23) දින එම ආරක්‍ෂක සේනා මූලස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ සංකල්පයකට අනුව මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.

මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දීප්ති ජයතිලක ගේ උපදෙස් පරිදි සංවිධානය කරන ලද මෙම දේශන සැසිවාරයට මුලතිව් ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ ස්ථාපිත සියලුම සේනාංක, බලසේනා සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන්හි සේවය කරන නිලධාරීන් 35 කට අධික පිරිසක් සහභාගි වූහ.

මෙම වැඩමුළුවේදී, බ්‍රිගේඩියර් ආර්.එම්.එම්. මොණාරාගල, මේජර් මල්ලවආරච්චි, කපිතන් එස්.එම්.පී.කේ. සමරකොන්, පී.ඒ.සී.පී.කේ. පේදුරුආරච්චි, ලුතිනන් එච්.ජි.එන්. දේශප්‍රිය සහ ලුතිනන් එස්.වී.ආර්. ද සිල්වා විසින් දේශන පවත්වමින් භටපිරිස් දැනුවත් කළහ. නිවාරණ වෛද්‍ය හා මානසික සෞඛ්‍ය අධ්‍යක්‍ෂ මණ්ඩලය සහ මනෝවිද්‍යා මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලය එක්ව නිලධාරීන්ගේ මානසික සෞඛ්‍යය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙම වැඩමුළුව සංවිධානය කරන ලදී.

මෙම වැඩමුළුව සඳහා මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය, ඉදිරි නඩත්තු පෙදෙස - මුලතිව්, සේනාංක මුලස්ථාන, බලසේනා මුලස්ථාන සහ ඒකකයන් යටතේ සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගි වූහ. latest Running Sneakers | Saucony Lanzar JAV 2 - Unisex , Worldarchitecturefestival