Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th November 2016 15:53:01 Hours

මාදුරුඔය යුද හමුදා පුහුණු පාසලේ විශේෂ පාබල මෙහෙයුම් පාඨමාලාව නිමා වේ

මාදුරුඔය යුද හමුදා පුහුණු පාසලේ පවත්වනු ලැබූ තවත් විශේෂ පාබල මෙහෙයුම් පාඨමාලාවක් පසුගියදා නිමාවට පත් විය.

මෙවර පවත්වනු ලැබූ විශේෂ පාබල මෙහෙයුම් පාඨමාලා අංක 57 හි දක්ෂතම සෙබලා හට හිමි කුසලානය 20 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ කපිතාන් ආර්.ආර්.එම්.එස්.බි. රත්නායක විසින් දිනා ගන්නා ලදි.

නිලධාරීන් 11 දෙනෙකු සහ සෙසු නිලයින් 184 දෙනෙකු සහභාගි වූ එම පාඨමාලාවෙහි දක්ෂතම වෙඩික්කරුට හා දක්ෂතම පෙළට හිමි කුසලානය 21 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ කපිතන් කේ.ඒ.ඩී.අයි කුරුප්පු වෙත හිමි විය.

මෙම අවස්ථාවෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නැගෙනහිර ඉදිරි නඩත්තු පෙදෙසෙහි ආඥාපති මේජර් ජෙනරාල් එම්. මුදන්නායක සහභාගි විය.

මෙම අවස්ථාව සඳහා යුද හමුදා පුහුණු පාසලෙහි සේනාවිධායක බ්‍රිගේඩියර් ඒ.ඒ කොඩිප්පිලි, යුද හමුදා පුහුණු පාසලෙහි අණදෙන නිලධාරී ලුතිතන් කර්නල් කේ.ඩී.සී.එම්.එල් සමරදිවාකර, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සෙසු නිලයින්, දෙමව්පියන් සහ ඥාති හිත මිත්‍රාදීන් රැසක් සහභාගි වූහ.

Nike air jordan Sneakers | 【発売情報】 近日発売予定のナイキストア オンライン リストックまとめ - スニーカーウォーズ