Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th October 2016 10:00:39 Hours

මහනුවර සංඥා පාසල සංවත්සරය සමරයි

තොරතුරු තාක්ෂණය සහ සන්නිවේදන දැනුම ලබා දෙන්නා වූ ශ්‍රී ලංකා යුද හමුදා සංඥා පාසල සිය 26 වන සංවත්සරය ආගමික වතාවත්වලට මුල් තැන ලබා දෙමින් හමුදා සම්ප්‍රදායානුකූලව සමරනු ලැබීය.

සංවත්සරයට සමඟාමීව ඔක්තොම්බර් මස 6 සහ 7 යන දෙදින පුරා එම පාසලේ පුහුණුව ලබන නිලධාරීන් සහ සෙසු නිලයින් එක්ව වොලිබෝල්, බාස්කට්බෝල් සහ ක්‍රිකට් තරඟාවලියක් ද පවත්වන ලදී.

එමෙන්ම සංඥා පාසලේ සේනාවිධායක ඇතුළු නිලධාරීන් සහ කොමිෂන් නොලත් නිලධාරීන් එක්ව සඳුදා (9) දින මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දී සංඥා පාසල් ධජයට සෙත් පැතීම මෙන්ම ආගමික වතාවත් සිදු කරනු ලැබීය.

එදින සන්ධ්‍යාවේ ඓතිහාසික අස්ගිරිය මහා විහාර පිරිවෙනේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා ඉතා වර්ණවත් පෙරහැරකින් පිරිත් සංඡ්ඡායනාව සඳහා වැඩම කරවඋ අතර, එම පහුණු පාසලේ සේනාවිධායක විසින් පිරිත් මන්ඩපය වෙත ධාතු කරඩුව ඉතා ගෞරවානුකූලව වැඩමකරවීය. එමෙන්ම එහි ප්‍රධාන උපදේශක ලුතිතන් කර්නල් චම්පික විජේකෝන් විසින් පිරුවානා පොත් වහන්සේ වැඩම කරවීම සිදු කරන ලදී.

පසුදින උදෑසන (10), හීල් දානය පිරිනැමූ අතර, අස්ගිරි පාර්ශවයේ මහා නායක අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන ස්වාමීන් වහන්සේ සහ අස්ගිරි පාර්ශවයේ අනු නායක අති පූජ්‍ය වෙඩරුවෙ උපාලි ස්වාමීන් වහන්සේ ඇතුළු සංඝයා වහන්සේලා 26 නමක් විෂයෙහි ලා එදිනම (10) දහවල් දානය පිරිනැමීය. මෙම අවස්ව සඳහා නිලධාරීන්, සෙසු නිලයින්, යුද හමුදා පවුල්වල සාමාජිකයින්, සුභපතන්නන් මෙන්ම විශ්‍රාමික යුද හමුදා නිලධාරීන් ද එක් වූහ.

26 වන සංවත්සරයේ යුද හමුදා ක්‍රියාකාරකම් බදාදා (12) දින ආරම්භ වූ අතර, සේනාවිධායක වෙත කදවුරු සම්මාන මුරයක් සහ ආචාර පෙලපාලියක් පිරිනැමීම සිදු කරන ලදී.

සංවත්සර සැමරුම් අවසානය සනිටුහන් කරමින් සියලු නිල දිවා භෝජන සංග්‍රහයක් ද පැවැත්වීය.

Best Sneakers | Nike Air Max 270