Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th June 2020 15:15:03 Hours

මහජන සෞඛ්‍ය පරීක්‍ෂක වරුන් සමඟ භට පිරිස් සිවිල් වැසියන් සඳහා ඩෙංගු මර්ධනය කිරිම පිළිබද දැනුවත් කිරීමේ ව්‍යාපෘතියක් දියත් කරයි

දිවයිනේ විවිධ ප්‍රදේශවල ‘ඩෙංගු’ වසංගත තර්ජනයන් ඉහළ යාම හේතුවෙන් ඊට පිළියමක් ලෙස මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංකය යටතේ ඇති 111 වන බලසේනාවේ සහ 112 වන බලසේනාවේ භට පිරිස් එක්වෙ කටුකැලේ, කිරිබත්කුබුර, ඔගස්ටස්ට්වත්ත, රජවෙල්ල, නියන්ගන්දොර සහ දික්ඔය යන සාමාන්‍ය ප්‍රදේශවල ජීවත් වන ජනතාවට ‘ඩෙංගු’ පැතිරීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් කිහිපයක් පැවැත් වූ අතර, ඉකුත් සිකුරාදා (12) දින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහ සිවිල් වැසියන්ගේ සහාය ඇතිව දැනුවත් කිරිමේ දේශන කිහිපයක් ද පවත්වනු ලැබීය.

එම ප්‍රදේශවල සිවිල් වැසියන් විශාල පිරිසක් එම දැනුවත් කිරීමේ වැඩසටහන් වලට සහභාගී වූ අතර ඒ තුළින් ‘ඩෙංගු’ තර්ජනය හා මදුරුවන් බෝවන ආකාරය පිළිබදව ද දැනුම ලබාගන්නා ලදී. මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කීර්ති කොස්තාගේ උපදෙස් පරිදි මෙම ව්‍යාපෘතිය දියත් කරන ලදී.

111 වන බලසේනාව සහ 112 වන බලසේනාවේ එක් නිලධාරියෙකු ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයන් 51 දෙනෙකු එම ප්‍රදේශවල දියත් කරනු ඩෙංගු ව්‍යාප්ත වීම වැළැක්වීම පිළිබද දැනුවත් කිරිමේ වැඩසටහන සඳහා ක්‍රියාකාරීව දායක වූහ. latest jordans | Jordan 1 Mid Tropical Twist , Where To Buy , 554724-132 , Nike Air Max 96 green Men Running Shoes