Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th November 2016 13:36:19 Hours

මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳව දැනුවත් කෙරේ

මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ක්‍රියාත්මක ජාතික මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ දැනුවත් කිරිමේ තවත් වැඩසටහනක් බදාදා (23) දින පනාගොඩ, ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තු මුලස්ථානයේ දී පවත්වන ලදි.

මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ නිලධාරීන් 20 ක් සහ සෙසු නිලයින් 195 ක් සහභාගි වූහ.

මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂගේ සම්බන්ධිකරණයෙන් ශ්‍රී ලංකා යුද හමුදා මානසික සෞඛ්‍ය ඒකකය, නීති සේවා අධ්‍යක්ෂ මණ්ඩලය සහ මත්ද්‍රව්‍ය හා මත්පැන් තොරතුරු මධ්‍යස්ථානය මේ සඳහා දේශන සහාය ලබාදෙන ලදි.

එම දේශන යුද හමුදා මානසික සෞඛ්‍ය ඒකකයේ ලුතිතන් කර්නල් ජේ.ඒ.යූ.පී.කේ. ජයසූරිය, නීති සේවා අධ්‍යක්ෂ මණ්ඩලයේ මේජර් එස්.ඒ. ගුණවර්ධන සහ මත්ද්‍රව්‍ය හා මත්පැන් තොරතුරු මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ පුබුදු සේරම් මහතා විසින් මෙහෙයවිය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මතින් තොර රටක් සඳහා වන ප්‍රතිපත්තියට සමගාමිව යුද හමුදාපති මඟපෙන්විම යටතේ මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සියලු ආරක්ෂක සේනා මූලස්ථාන මට්ටමින් දිවයින පුරා මෙවැනි දැනුවත් කිරිමේ වැඩසටහන් දියත් කරනු ලැබේ.

Running sports | Air Jordan