Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd December 2017 20:01:59 Hours

මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලයේ සහ මත්ද්‍රව්‍ය හා මත්පැන් තොරතුරු මධ්‍යස්ථානයේ මුලිකත්වයෙන් මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක්

යුද්ධ හමුදා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලය සහ මත්ද්‍රව්‍ය හා මත්පැන් තොරතුරු මධ්‍යස්ථානය ඒකාබද්ධව ‘ජාතික මත්ද්‍රව්‍ය නිවාරණය’ පිළිබඳ තවත් නිළධාරි උපදේශක පුහුණු වැඩසටහනක්, නොවැම්බර් මස 28 සිට 30 දින දක්වා එම මුලස්ථාන පරිශ්‍රයේ දී පවත්වනු ලැබීය.

මෙම මත්ද්‍රව්‍ය නිවාරණ පුහුණු වැඩසටහන සඳහා නිලධාරින් 22 ක් සහ නිලධාරිණියන් 8 දෙනෙකු සහභාගි වූහ.

යුද්ධ හමුදා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලයේ සම්බන්ධිකරණයෙන් පවත්වන ලද මෙම වැඩසටහන සඳහා මත්ද්‍රව්‍ය හා මත්පැන් තොරතුරු මධ්‍යස්ථානය විසින් දේශන සහාය ලබාදෙන ලදි.

latest Nike Sneakers | jordan Release Dates