Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th September 2017 20:46:01 Hours

මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අත්දැකීම් හුවමාරු කරගැනීමට දෙදින වැඩමුළුවක් කිළිනොච්චියේ දී ඇරඹේ

මනෝවිද්‍යාත්මක මෙහෙයුම් පිළිබඳ තොරතුරු සහ අත්දැකීම් හුවමාරු කරගැනීමේ අරමුණින් මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලය සහ ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය ඒකාබද්ධව තවත් එක් වැඩමුළුවක් අඟහරුවාදා (19) දින කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයේ දී ආරම්භ කෙරුණි.

ඇමරිකා එක්සත් ජනපද යුද්ධ හමුදා ශාන්තිකර අණදෙන කලාපයේ නිලධාරින් සහ යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් කිලිනොච්චියේ දී පවත්වනු ලැබු මෙම දෙදින වැඩමුළුවේදි මනෝවිද්‍යාත්මක මෙහෙයුම් හි සැලසුම හා අරමුණු, තොරතුරු කලමණාකරණය , මනෝවිද්‍යාත්මක මෙහෙයුම් ක්‍රියාවලිය, ඉලක්ක කොටගත් පිරිස් අධ්‍යයනය, වාසිදායක ප්‍රචාර වල වැදගත්කම හඳුනාගැනීම සහ පසු විපරම පිළිබඳව අවධාණය යොමු කෙරිණි. යාපනය, වන්නි, කිලිනොච්චි සහ මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයන් නියෝජනය කරමින් නිලධාරින් 43 දෙනෙකු මෙම දෙදීන වැඩමුළුවට සහභාගි වේ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ දේශකයින්ට අමතරව ඇමරිකා එක්සත් ජනපද ශාන්තිකර අණදෙන කලාපයේ කපිතාන් කෙලි ජෝන් (Kelly John) සහ මාණ්ඩලික සැරයන් ස්ටිව් පාටිසන් (Steve Partisan) ද සම්පත්දායකයින් වශයෙන් වැඩමුළුවට සහභාගි වේ.

ප්‍රජා සම්බන්ධතා ඔප් නැංවීමේ අරමුණින් වු ඇමරිකා එක්සත් ජනපද යෝජිත වැඩසටහන් මාලාවේ තවත් පියවරක් ලෙසින් පවත්වනු ලබන මෙම වැඩමුළුව යුද්ධ හමුදා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් අතුල හැන්නදිගේ විසින් අධීක්ෂණය කරනු ලබයි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය සම්බන්ධතාවයෙන් මීට සමාන සම්මන්ත්‍රණයක් බංගලාදේශය, කාම්බෝජය, ඉන්දියාව, ඉන්දුනිසියාව, මොන්ගෝලීයාව, නේපාලය, පිලිපිනය, ශ්‍රී ලංකාව සහ මාලදිවයින් නියෝජතයින් 30 ක ගේ සහභාගිත්වයෙන් මීට සති කිහිපයකට පෙර ටාජ් සමුද්‍ර හෝටලයේදී පැවැත්විණි.

කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන ගේ සහයෝගයෙන් මෙම දෙදීන වැඩමුළුව කිලිනොච්චියේ දී පැවැත්වේ.

Sports Shoes | FASHION NEWS