Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st July 2016 19:55:14 Hours

මධ්‍යම සිවිල් සේවකයින් විනෝද චාරිකාවක

මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 7 වන ශ්‍රී ලංකා සංඥා බලකා භට පිරිස් විසින් එම බලකායෙහි අණ දෙන නිලධාරී ලුතිතන් කර්නල් ජී.එස් ෆොන්සේකාගේ මූලිකත්වයෙන් එම ඒකකයේ රාජකාරී නියුතු සිවිල් සේවකයින්ගේ සේවය අගයමින් එම සිවිල් සේවකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සඳහා නුවරඑළිය සහ අඹේවෙල ප්‍රදේශයේ එක් දින විනෝද චාරිකාවක් ජුනි (25) දින සංවිධානය කරන ලදී. සිවිල් සේවකයින් 16 දෙනෙකු ඇතුළු කාන්තා සහ පිරිමි සාමාජිකයින් 39 දෙනෙකු මෙම එක් දින විනෝද චාරිකාව සඳහා එක් වූ අතර, එමගින් සහභාගිවූවන් හට නුවරඑළිය සහ අඹේවෙල ප්‍රදේශයන්හි වැදගත් ස්ථාන නැරඹීමට අවස්ථාව ලබා දුන් අතර, මේ සඳහා වු සියලු අවශ්‍යතා 7 වන ශ්‍රී ලංකා සංඥා බලකාය මගින් සපයන ලදී. අණ දෙන නිලධාරී ඇතුළු අනෙකුත් නිලධාරීන් කිහිප දෙනෙකු මෙම විනෝද චාරිකාව සඳහා සහභාගි විය.trace affiliate link | jordan Release Dates