යුද්ධ හමුදා මූලස්ථානයේ උපදෙස් මත මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස්ගේ පූර්ණ අධික්ෂණය යටතේ මධ්‍යම ආරක්ෂක සේනාංකයට අයත් භට පිරිස් සෙනසුරාදා (24) දින පොලිස් සාමාජිකයින්, ග්‍රාමසේවා නිලධාරීන්, සෞඛ්‍ය පරික්ෂකයින් සහ සිවිල් සංවිධාන නියෝජිතයින් හා එක්ව දියතලාව, ජයමිනිපුර ප්‍රදේශයේ ගෙයින් ගෙට ගොස් ඩෙංගු බෝවිය හැකි ස්ථාන පරීක්ෂා කිරීමට ලක් කලහ.
හපුතලේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කළ මෙම ව්‍යාපෘතිය සඳහා මධ්‍යම ආරක්ෂක සේනාංක මූලස්ථානයේ සේවයේ නියුතු සෙබළුන් පිරිසක් සහභාගී වූහ.