Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd May 2020 09:00:26 Hours

මධ්‍යම පළාතේ රණවිරු අනුස්මරණ දින උත්සවය මයිලපිටියේදී සැමරේ

ජාතික රණවිරු අනුස්මරණ දිනයේ (මැයි 19) බත්තරමුල්ලේ පැවති ප්‍රධාන උත්සවයට සමගාමීව මහනුවර මයිලපිටිය රණවිරු උද්‍යානයේදී මධ්‍යම පළාත් සැමරුම් උත්සවය පැවැත්විණි. මෙම සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු. ගමගේ සහභාගි වූ අතර ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ නිලධාරීන් ද සහභාගි වූහ.

තවද, මෙම අවස්ථාවට මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කීර්ති කොස්තා, 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සෙනරත් බණ්ඩාර, ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්, රට වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන්ගේ ඥාතීන්, රාජ්‍ය නිලධාරීන් සහ සම්භාවනීය ආරාධිතයින් රැසක් සහභාගි වූහ. url clone | adidas Ultra Boost 1.0 DNA ZX 9000 Mint - Grailify