Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th August 2019 16:40:46 Hours

මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ භට පිරිස් මහනුවර ප්‍රදේශයේ රෝගීන් වෙනුවෙන් රුධිරය පරිත්‍යාග කරයි

මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ඇති 11 වන සේනාංකයේ සහ බූවැලිකඩ සංඥා පුහුණු පාසලේ යුද්ධ හමුදා සාමාජිකයින් 20 කට වැඩි පිරිසක් මහනුවර ශික්‍ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් සඳහා ස්වේච්ඡාවෙන් තම රුධිරය පරිත්‍යාග කිරීමට එක් වූහ.

මහනුවර දිස්ත්‍රික්කයේ උසාවි සුභසාධක සංගමය විසින් 11 වන සේනාංකය වෙත ලිපියක් මගින් සිදු කරනු ලබන ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් මෙම අවස්ථාවට යුද්ධ හමුදා සාමාජිකයින්ගේ දායකත්වය ලබාදී ඇත. මෙම සංවිධානයේ සාමාජිකයින් හට ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයන් කෙරෙහි ඉහළ ගෞරවයක් ඇති බැවින් රුධිරය පරිත්‍යාග වැඩසටහන සඳහා යුද්ධ හමුදාවේ සහාය ඉල්ලා සිටින ලදී.

මෙම රුධිර පරිත්‍යාග වැඩසටහන ඉකුත් බ්‍රහස්පතින්දා (15) දින මහනුවර දිස්ත්‍රික්කයේ උසාවි භූමී පරිශ්‍රයේදී පැවැත්විණි. best Running shoes brand | plain white nike air force ones women high top Colorways, Release Dates, Price , Gov