Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd February 2018 13:42:59 Hours

මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයේ සහ 11 වන සේනාංකයේ සම්බන්ධීකරණයෙන් විදෙස් යුද්ධ හමුදා ප්‍රධානීන් නුවර සංචාරයක

මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් ගේ අධික්ෂණයෙන් පසුගිය දා දිවයිනේ සංචාරයන්හි නිරත වූ නේපාල යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී රාජේන්ද්‍ර චෙත්‍රි සහ පකිස්තානු යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී කමාර් ජාවේඩ් බජ්වා ඇතුළු දුත පිරිස්,මහනුවර දළදා මාලිගා පරිශ්‍රයට පැමිණ පූජනීය දන්ත ධාතුන් වහන්සේ වැඳපූදා ගන්නා ලදි.

මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස්, 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් නිෂාන්ත රණවන සහ 58 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සුදත් පෙරේරාවිසින් විදෙස් යුද්ධ හමුදා ප්‍රධානීන් දළදා මාළිගා පරිශ්‍රයේ දී පිළිගනු ලැබ,ඉන් අනතුරුව දියවඩන නිලමේතුමන් බැහැදැකීය.

මහනුවර දළදා මාළිගාව වැඳපුදා ගැනීමෙන් අනතුරුව දෙරටේ හමුදා දුත පිරිස පේරාදෙණිය රාජකීය උද්‍යානයේ ද සංචාරයක නිරත විය.

Sportswear free shipping | Nike Air Force 1'07 Essential blanche et or femme - Chaussures Baskets femme - Gov