05th November 2017 17:13:00 Hours
මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංකයට අයත් 112 වන බලසේනාවේ භට පිරිස් ‘බදුල්ල රොටරි සමාජය’ සමඟ සහයෝගයෙන් නොවැම්බර් මස 3 සිට 5 දින දක්වා බදුල්ල නගර මධ්‍යයේ ‘පැරණි ලන්දේසි කොටුවේ’ දී වෛද්‍ය සායනයක් පවත්වනු ලැබීය.
112 බලසේනාවේ බලසේනාධිපති ගේ සම්බන්ධිකරණයෙන් පැවැත්වු මෙම වෛද්‍ය සායනය කොළඹ සහ බදුල්ල යන රෝහල් වල විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍ය නිලධාරින් 6 ක් ඇතුළු හෙද සහායකයින් කණ්ඩයමක් විසින් මෙහෙයවිය.
දිනතුනක් පුරා පැවැත් මෙම වෛද්‍ය සායනය සඳහා සිවිල් වැසියන් විශාල පිරිසක් සහභාගි වී අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාගත්හ.
එමෙන්ම, ප්‍රදේශයේ සිවිල් වැසියන් සඳහා ඇස් කණ්නාඩි 573 ක් කෘතීම පාද 45 ක් ශ්‍රවණ උපකරණ 26 ක් සහ කෘතීම අත් 5 ක් ද මෙහිදි පිරිනමනු ලැබීය.
112 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් නන්දන දුණුවිල ගේ උපදෙස් මත එම බලසේනාවේ භට පිරිස් විසින් මෙම වැඩසටහන දියත් කරනු ලැබීය.
අක්ෂි සායනයක්, දන්ත සායනයක්, Carcinoma Syndromes Screening සායනයක් සහ විශේෂඥ වෛද්‍ය සායනයක් මෙන්ම ලේ දන්දිමේ කඳවුරක් ද මෙම වැඩසටහනට ඇතුලත් විය. තවද මෙම වැඩසටහනේ දී එම ප්‍රදේශයේ වැසියන් වෙත නොමිලේ ඖෂධ සහ වෛද්‍ය උපදෙස් ද ලබාදුන්හ.
ජ්‍යෙෂ්ඨ නිලධාරින්, රාජ්‍ය නිලධාරින් සහ සිවිල් වැසියන් විශාල පිරිසක් ද මෙම වැඩසටහන සඳහා සහභාගි වුහ.
best Running shoes brand | Beyonce Ivy Park x adidas Sleek Super 72 ICY PARK White , Where To Buy , GX2769 , Ietp