Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st October 2017 16:40:48 Hours

මධ්‍යම ආරක්ෂක සේනා භට පිරිස් සහායෙන් මොණරාගල ප්‍රදේශයේ සිවිල් වැසියන්ට වෛද්‍ය සායනයක්

මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 12 වන සේනාංකයට අයත් 121 වන බලසේනාවේ භට පිරිස් හී සහයෝගය ඇතිව මොණරාගල ප්‍රදේශයේ කෘතීම අත් පා අවැසි සිවිල් වැසියන් වෙනුවෙන් ජංගම විශේෂඥ වෛද්‍ය සායනයක්, ඇස් කණ්නාඩි සහ කෘතීම අත් පා පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සැප්තැම්බර් මස 16 සිට 18 දින දක්වා තණමල්විල රත්න භාවනා මධ්‍යස්ථානයේ දී පවත්වනු ලැබීය.

ශ්‍රී ලංකා රොටරි සමාජය - කොළඹ (Sri Lanka Rotary Club – Colombo) සහ කොළඹ - Friend- in - Need- සමාජය (Colombo - Friend- in - Need- Society) එක්ව සංවිධානය කරනු ලැබු මෙම ජංගම වෛද්‍ය ඒකකයේ දී කෘතීම පාද (46), ඇස් කණ්නාඩි (402), සිසුන් සඳහා පාසල් උපකරණ කට්ටල (96) සහ අනෙකුත් වෛද්‍යාධාර 12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් හරින් පෙරේරා ගේ සහභාගිත්වයෙන් නොමිලේ සිවිල් වැසියන් වෙත බෙදාදෙනු ලැබීය.

මෙම සායනයට සහභාගි වු වෛද්‍ය නිලධාරින් සහ විකලාංග වෛද්‍ය තාක්ෂණ නිලධාරින් බෝ නොවන රෝග (NCDs), අක්ෂි සායන, දියවැඩියා සංකුලතාවය, කෘතීම අත්පා යෝග්යෝතාවය පිළිබඳව සායනයට සහභාගි වුවන් පරික්ෂා කළහ.

මෙහිදි, කෘතීම අත් පා අවැසි 11 දෙනෙකුගේ ජිව මිනුම් ලබාගත් අතර, ඇස් පරික්ෂා කිරීමෙන් පසු ඇස් කණ්නාඩි අවැසි සිවිල් වැසියන් 105 දෙනෙකුගේ විස්තර ලබාගනිමින් ඔවුන්ට ද නුදුරේදී එම අවශ්‍යතාවයන් ලබාදෙන බවට ජංගම වෛද්‍ය සායනයේ සංවිධායකයින් පොරොන්දු වුහ.

මෙම වෛද්‍ය සායනය 121 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් නලින් කොස්වත්ත ගේ මෙහෙයවීම යටතේ 9 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් විසින් සම්බන්ධීකරණය කරන ලද අතර, සිවිල් වැසියන් 1000 කට වැඩි ප්‍රමාණයක් මෙහිදි පරික්ෂාවට ලක් කර ඇත.

Adidas footwear | NIKE HOMME