Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st February 2018 23:12:29 Hours

මධ්‍යම ආරක්ෂක සේනා භට පිරිස් බෝධි පුජා පින්කම සඳහා දායකවේ

රට වෙනුවෙන් දිවි පිදු හා දැනට සේවයේ නියුතු සියළුම රණවිරුවන් හට පින් පැමිණිවිමේ හා සෙත් පැතිමේ විශේෂ බෝධි පුජා පුණ්‍යකර්මයක් මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථාන භට පිරිස් විසින් පසුගිය බදාදා (31) දිනට යෙදු තිබු පුර පසලොස්වක පොහෝ දින පවත්වන ලදී.

මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථාන පරිශ්‍රයේ ඇති බෝධි කන්ද මළුව විහාරයේදි පැවති බෝධි පුජා පින්කම අවසානයේ විහාරකැලේ විහාරස්ථානයේ විහාරවාසි පුජ්‍ය සියඹලාන්ඩුවේ හේමාලෝක ස්වාමින්වහන්සේ විසින් කාලීන සුමධුර ධර්ම දේශණාවක් ද පවත්වන ලදී.

මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මල් ඩයස්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයින් සමගින් ස්වේච්ඡා බලසේනාවේ පුහුණු පාසලේ සමාජිකයින් ද මෙම විශේෂ වැඩසටහන හා එක්වන ලදී.

මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපතිතුමන් ධර්ම දේශණාව අවසානයේ එම ස්වාමින්වහන්සේ වෙත අටපිරිකර ද පුජා කරන ලදී.

buy shoes | nike fashion