Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

31st July 2017 21:46:45 Hours

මධ්‍යම ආරක්ෂක සේනා නව ආඥාපති රාජකාරි අරඹයි

මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස්, මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයේ 8 වන ආඥාපති ලෙස ඉරිදා (30) දින දියතලාව පිහිටි එම ආරක්ෂක සේනා මූලස්ථානයේ දී රාජකාරි භාරගනු ලැබීය.

හමුදා සම්ප්‍රදායානුකූලව නව ආඥාපති වෙත කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන පෙළපාලියක් පිරිනැමූ අතර, සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ පොල්තෙල් පහන දල්වා සංකේතාත්මකව නිල ලේඛණවලට අත්සන් තබමින් නව තනතුරේ රාජකාරි භාර ගන්නා ලදි.

ඉන් අනතුරුව, සියලු නිල තේ පැන් සංග්‍රහයට සහභාගි වූ නව ආඥාපතිතුමා සමූහ ඡායාරූපයකට ද පෙනිසිටියහ. මෙම අවස්ථාව සඳහා 11 වන සහ 12 වන සේනාංකයන්හි සේනාංකාධිපතිවරුන්, 111, 112 සහ 121 බලසේනාවන්හි බලසේනාධිපතිවරුන්, මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද සහභාගි වූහ.

buy footwear | Jordan Ανδρικά • Summer SALE έως -50%