Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th July 2019 10:39:14 Hours

මත්ද්‍රව්‍ය නිවාරණ සතිය වෙනුවෙන් මඩකලපුවේ දී පාසල් සිසු සිසුවියන් විසින් මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ වැඩසටහන් කිහිපයක් සංවිධානය කරයි

නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය දිවයින පුරා ක්‍රියාත්මක කරනු ලබන මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් වලට සමගාමීව මඩකලපුවේ වින්සන්ට් බාලිකා උසස් පාසලේ (Vincent Girls') සිසු සිසුවියන්ගේ ප්‍රමුඛත්වය ඇතිව ඉකුත් සිකුරාදා (5) දින එම පාසල් පරිශ්‍රයේදී මත්ද්‍රව්‍ය පිළිබද දැනුවත් කිරිමේ වැඩසටහනක් පවත්වනු ලැබීය.

සියලුම ප්‍රජාවන් නියෝජනය කරමින් පාසල් ළමුන් 200 කට වැඩි පිරිසක් මෙම අවස්ථාවට එක් වූ අතර එහිදී කතික සහ චිත්‍ර තරඟයක් මෙන්ම 'මත්ද්‍රව්‍ය අනිසි ලෙස භාවිතය සහ නීති විරෝධී ජාවාරම් පිළිබඳ විවාදයක් ද ඔවුන් අතර පැවැත්වීය. අනතුරුව පාසල් බලධාරීන්ගේ ඉල්ලීමකට අනුව 23 වන සේනාංකය සහ 231 බලසේනාව එක්ව තරඟයේ ජයග්‍රාහකයින් සඳහා ත්‍යාග ප්‍රදානෝත්සවයක් ද සංවිධානය කරන ලදී.

මෙම වැඩසටහන සඳහා නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර, 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් නෙවිල් වීරසිංහ, 23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කපිල උදළුපොල, 231 වන බලසේනාවේ බලසේනාධිපති මිහිඳු පෙරේරා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.latest Running Sneakers | Nike KD 14 Colorways, Release Dates, Price , Iicf