Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th July 2019 17:26:45 Hours

මත්ද්‍රව්‍යවලින් තොර සමාජයක් සඳහා යුද්ධ හමුදාව දායක වේ

සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයට අනුව ශ්‍රී ලංකාව මත්ද්‍රව්‍යවලින් තොර රටක් බවට පත් කිරීමේ අරමුණින් යුතුව මත්ද්‍රව්‍ය නිවාරණ සතියක් ප්‍රකාශයට පත් කළ අතර ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය වැලැක්වීමේ දිනය ද ජූනී මස 26 දිනට යෙදී තිබු අතර මෙම අවස්ථාවන්ට සමගාමීව මත් උවදුර තුරන් කිරිමේ වැදගත්කම පිළිබඳව මහජනතාව දැනුවත් කිරිමේ වැඩසටහනක් මධ්‍යම ආරක්‍ෂක සේනා මුලස්ථානයේ සම්බන්ධතාවයෙන් යුතුව යුද්ධ හමුදා සාමාජිකයින්, පාසල් ළමුන් ඇතුළු රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන සඳහා 11 වන සේනාංක මූලස්ථාන ශ්‍රවණාගාරයේදී බදාදා (3) දින පවත්වනු ලැබීය.

මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ලක්සිරි වඩුගේ ගේ මූලිකත්වය ඇතිව මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරී ඇතුළු කාර්ය මණ්ඩලයේ සම්බන්ධතාවය ඇතිව ‘මත්ද්‍රව්‍ය පරිභෝජණය පවුල් ජීවිතයට සහ පුද්ගලත්වයට අහිතකර ලෙස බලපායි ’ යන තේමාව යටතේ දේශනය පවත්වන ලදී. මෙම හරවත් දේශනය ආරක්ෂක අමාත්‍යාංශයේ කුමුදුනි ජයතිලක මහත්මිය විසින් පවත්වන ලදී. jordan release date | Nike Running