23rd March 2018 14:05:52 Hours
මඩකලපුව ශාන්තජෝෂප් විද්‍යාලයේ පාලන අධිකාරිය විසින් සිදුකරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 23 වන සේනාංකයට අයත් 231 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 10 වන ගජබා රෙජිමේන්තුවේ භට පිරිස් විසින් එම විද්‍යාලයේ 143 වන සංවත්සර දිනය සැමරීමට ප්‍රථම විද්‍යාලීය ගොඩනැගිලි අලුත්වැඩියා කර වර්ණගැන්වීම සිදුකරන ලදී.
231 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සෙනරත් නිවුන්හැල්ල ගේ මඟපෙන්වීම මත 231 වන බලසේනාංකයේ භට පිරිස් විසින් මෙම අළුත්වැඩියා කටයුතු සිදුකරන ලද අතර ගොඩනැගිලි සඳහා වර්ණ තෝරාගැනීම සහ අනෙකුත් අවශ්‍යතාවයන් පිළිබඳ උපදෙස් විද්‍යාල පාලන අධිකාරිය විසින් ලබාදුන්හ.
ශුද්ධ වු වතිකානුවේ තනාපති, අති උතුම් දේවධර්මාචාර්ය පියර් නගුඑන් වැන් ටොට් අගරඳගුරු හිමිපාණන් (Most Rev. Dr. Pierre Ngyuen Van Tot.) සහ දේවධර්මාචාර්ය ජෝෂප් පොනෛයා බිෂෝප් අගරඳගුරු තුමන් (Bishop Rt. Rev. Dr. Joseph Ponniah) ගේ මූලිකත්වයෙන් යුතු එම විද්‍යාලීය පාලන අධිකාරිය විසින් මෙම විද්‍යාලයේ 143 වන සංවත්සර දින උත්සවය සඳහා සම්භාවනීය අමුත්තා වශයෙන් සහභාගි වන ලෙස නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සන්තුසිත පනන්වල වෙත ආරාධනා කරන ලදී.
ඒ අනුව, විද්‍යාලීය 143 වන සංවත්සර උත්සවයේ සම්භාවනීය අමුත්තා වශයෙන් සපැමිණි මේජර් ජෙනරාල් සන්තුසිත පනන්වල විසින් පාසල් සිසුන් අමතමින් පාසල් සිසුන් වශයෙන් ඉගෙනිමේ කටයුතු හොදින් සිදුකර යුතු බවත් සමාජයට වැඩදායි පුද්ගලයින් වශයෙන් ජිවත්වීමේ වැදගත්කම පිළිබදව පවසා සිටින ලදි.
මෙහිදි විද්‍යාලිය ගොඩනැගිලි අළුත්වැඩියා කටයුතු සහ ගොඩනැගිලි වර්ණාලේප සිදුකිරීම සම්බන්ධව යුද්ධ හමුදාව ලබාදුන් දායකත්වය පිළිබදව පැමිණි සිටි අයවළුන් විසින් සිය කෘතවේදිත්වය ද පල කරන සිටින ලදී.
දේවධර්මාචාර්ය ජෝෂප් පොනෛයා බිෂෝප් තුමන් (Bishop Rt. Rev. Dr. Joseph Ponniah), මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ගරු එස්. වියලෙන්දිරන්, 23 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් චුලා අබේනායක, 231 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සෙනරත් නිවුන්හැල්ල, විදුහල්පතිතුමන් ඇතුළු ආචාර්ය මණ්ඩලය, පාසල් සංවර්ධන කමිටු සාමාජිකයින්, පාසල් සිසුන්, ආරාධිත පාසල්වල ශිෂ්‍ය ශිෂ්‍යාවන්, දෙමාපියන් සහ සුබ පතන්නන් රැසක් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.
Sportswear Design | FASHION NEWS