Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

20th October 2017 13:04:21 Hours

භට පිරිස් පස් කන්ද කඩා වැටි අවහිර වූ මාර්ගය පිළිසකර කරයි

583 වන බලසේනාවට අයත් 8 වන ගැමුණු හේවා බලකායේ භට පිරිස් සඳුදා (16) දින අධික වර්ෂාපතනය හේතුවෙන් රත්නපුර - වේවැල්වත්ත ප්‍රධාන මාර්ගයේ දුරේකන්ද ප්‍රදේශයේ දී මාර්ගයට කඩාවැටුණු පස් කන්දක් ඉවත් කරමින් මාර්ගය යථාතත්වයට පත් කර ඇත.

58 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ සහ 583 වන බලසේනාවේ බලසේනාධිපතිගේ උපදෙස් මත භට පිරිස්, සඳුදා (16) දින උදෑසන 10.00 ට පමණ මාර්ග සංවර්ධන අධිකාරිය සමඟ එක්ව පැය 7 කට ආසන්න කාලයක් තුල මාර්ගයට කඩාවැටුණු එම පස් ඉවත් කර මාර්ගය යථාතත්වයට පත් කරලීමට සමත්විය.

bridge media | Nike