Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th May 2020 20:40:28 Hours

භටපිරිස්හි සම්බන්ධිකරණයෙන් අඩු ආදායම්ලාභි පවුල් වෙත අත්‍යවශ්‍ය වියළි ආහාර සලාක පාර්සල් බෙදාදෙයි

14 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් එම ඒකකයේ අණදෙන නිලධාරී විසින් කරන ලද සම්බන්ධීකරණයෙන් රුපියල් 3000/= කට වැඩි වටිනාකමින් යුත් වියළි සලාක පාර්සල් 200 ක් ඉකුත් බ්‍රහස්පතින්දා (28) දින නාමල්පුර, කල්‍යණිපුර, නව ගජබාපුර සහ නිකවැව යන ප්‍රදේශයන්හි වාසය කරන අඩු ආදායම්ලාභි පවුල් අතර බෙදාදෙන ලදී.

621 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ ඉල්ලීමකට අනුව දකුණේ පදිංචි පරිත්‍යාගශීලියෙකු වන ඩබ්ලිව්.එස්.වයි.එන්. සමරවීර මහත්මීය විසින් මෙලෙස බෙදාදුන් වියළි ආහාර සලාක පාර්සල් තොගයට මූල්‍ය අනුග්‍රහය දක්වනු ලැබීය.

මෙම වියළි ආහාර සලාක පාර්සල් තුළ සහල්, පරිප්පු, ටින් මාළු, කුළුබඩු, ධාන්‍ය වර්ග සහ තවත් අත්‍යවශය ද්‍රව්‍ය කිහිපයක් අඩංගු විය. Sneakers Store | UOMO, SCARPE