Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st December 2023 23:03:36 Hours

භටකාර්ය සම්පාදන පුහුණු පාසලේ නව සේනාවිධායක රාජකාරී අරඹයි

ත්‍රිකුණාමලය, යුද්ධ හමුදා භටකාර්ය සම්පාදන පුහුණු පාසලේ නව සේනාවිධායක ලෙස කර්නල් වයි.කේ.එස් රංගික පීඑස්සී පීටීඑස්සී පසුගිය සිකුරාදා (දෙසැම්බර් මස 08) දින ධූරයේ රාජකාරි භාර ගන්නා ලදී.

කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි නව සේනාවිධායකතුමන් එම පුහුණු පාසලේ ප්‍රධාන උපදේශක කර්නල් ජී.ටී.එස් සිල්වා යූඑස්පී කියුඑල්සීඕ එන්එස්සී ඒටීඕ විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් පසුව භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනැමූහ. අනතුරුව, එතුමන් ආගමික වතාවත් මධ්‍යයේ ධූරයේ රාජකාරි භාර ගන්නා ලද අතර, එහිදී කාර්යය මණ්ඩලය සමඟින් සමූහ ඡායාරූපයක් සඳහා ද එක් වූහ.

එම අවස්ථාව සනිටුහන් කරමින් කර්නල් වයි.කේ.එස් රංගික පීඑස්සී පීටීඑස්සී කඳවුරු පරිශ්‍රයේ අඹ පැළයක් රෝපණය කල අතර, අනතුරුව, භටපිරිස් ඇමතීය. උත්සව කටයුතු අවසන් කරමින් සියලු නිල තේ පැන් සංග්‍රහයක්ද පැවැත්වීය.

උත්සව අවස්ථාවට ජ්‍යේෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් එක්ව සිටියහ.