Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th January 2020 14:35:06 Hours

බෞද්ධ භික්ෂූන් වහන්සේලා මුලතිව් ප්‍රදේශයේ සිසුන්ට පාසල් උපකරණ ලබාදීමට අනුග්‍රහය දක්වයි

මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 64 වන සේනාංකයේ භටපිරිස් ඉකුත් බ්‍රහස්පතින්දා (09) දින සමන්කුලම් රජයේ දෙමළ පාසලේ සහ ඔඩ්ඩුසුඩාන් සින්නතම්බි විද්‍යාලයේ අධ්‍යාපනය හදාරණ අඩු ආදායම්ලාභි පවුල්වල සිසුන්ට උපකාර කිරීමේ උදාර පරමාර්ථයෙන් යුතුව භික්‍ෂූන් වහන්සේලා දෙනමකගේ අනුග්‍රහය ඇතිව පාසල් උපකරණ නොමිලේ බෙදාහැරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.

පාසල් දෙකෙහිම අධ්‍යාපනය හදාරණ පාසල් සිසුන් 104 දෙනෙකුට අත්‍යවශ්‍ය පාසල් උපකරණ පරිත්‍යාග කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක්හි ස්ටේටන් දූපත පිහිටි බෞද්ධ විහාරස්ථානයේ පූජ්‍ය කුඹල්ඔළුව විමලජෝති ස්වාමින් වහන්සේ සහ මිනුවන්ගොඩ ලුම්බිණි විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ගාල්ලේ පියනන්ද ස්වාමින් වහන්සේ අනුග්‍රහකත්වය ලබාදුන්හ.

ඔඩ්ඩුසුඩාන් සින්නතම්බි විද්‍යාලයේ පැවති මෙම පාසල් උපකරණ බෙදාදීමේ උත්සවය එම ප්‍රදේශයේ පිහිටි 23 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් සංවිධානය කරනු ලැබූ අතර එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 64 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්.ඩී.සී.කේ. කොස්තා සහභාගී විය.

සංහිඳියා ප්‍රයත්නයන් සහ ජනවාර්ගික සමගිය ප්‍රවර්ධනය කිරීම සඳහා වන තවත් එක් මිත්‍රශීලී පියවරක් ලෙස පැවැත්වූ මෙම වැඩසටහන සඳහා පාසල් දෙකෙහිම විදුහල්පතිවරුන්, ගුරුවරුන්, සිසුන් සහ ඔවුන්ගේ දෙමවුපියන් ද සහභාගී වූහ. තවද, මෙම උත්සවය අතරතුරදී අපොස (උ/පෙළ) විභාගය සඳහා අධ්‍යාපනය හදාරණ අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් සිසුන් දෙදෙනෙකු සඳහා තවත් ශිෂ්‍යත්ව දෙකක් ද පිරිනමන ලදී. Best Nike Sneakers | Nike for Men