Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

20th April 2018 18:00:35 Hours

බෞද්ධ භික්ෂුන් විසින් මැලේසියාවේ ඉදිකරනු ලබන පළමු වෙසක් තොරණ පිළිබඳ යුද්ධ හමුදාධිපති දැනුවත් කරයි

වෙසක් සමයේ වැදගත්කම සහ වෙසක් අසිරිය මැලේසියාවේදි විදහා දැක්විම සඳහා එළඹෙන වෙසක් සමය වෙනුවෙන් මැලේසියාවේ දී ප්‍රථමවරට නිර්මාණය කරනු ලබන වෙසක් තොරණ ඉදිකිරිමේ කටයුතු ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සිදු කරමින් පවතියි.

අප්‍රේල් මස 16 සිට 19 දක්වා මැලේසියාවේ පැවැති 16 වන ආසියානු ආරක්‍ෂක සේවා ප්‍රදර්ශණය සහ සමුළුව - 2018 සඳහා සහභාගි වූ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ක්වාලා ලම්පූර්, බ්‍රික්ල්ඩ් බෞද්ධ විහාරස්ථානයේ (Brickfield Buddhist temple) ද සංචාරය කරමින් බුදුන් වහන්සේගේ ඉපදීම, බුද්ධත්වයට පත්වීම සහ පරිනිර්වානය සිහිකරමින් ප්‍රථම වරට ඉදිකරන ලද වෙසක් තොරණේ කටයුතුවල ප්‍රගතිය සොයා බලන ලදි.

එහිදි විහාරාධිපති ස්වාමින් වහන්සේ විසින් යුද්ධ හමුදාධිපති වෙත අනුශාසනා කරමින් විදුලි බුබුලු දහස්ගණනක ආලෝකයෙන් උස අඩි 60 කින් යුක්තව ඉදිකරන ලද වෙසක් තොරණ සඳහා යුද්ධ හමුදා විශේඥයින්ගේ සහයෝගය සහ ශ්‍රම දායකත්වය අගය කළහ. තවද, විදේශීය රටක මෙවැනි විශාල වගකීමක් ගෙන යුද්ධ හමුදාව දක්වන දායකත්වය පිළිබඳව ද විහාරාධිපති හිමියන් මෙහිදි පැසසුමට ලක් කළහ.

යුද්ධ හමුදාධිපතිතුමාගේ අධික්ෂණය යටතේ ඉංජිනේරු සේවා බලකා භට පිරිස් කණ්ඩායමක් විසින් ක්වාලා ලම්පූර් හි මෙම තොරණේ ඉදිකිරිම් කටයුතු සිදු කරනු ලබයි.

ඉන් අනතුරුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සෙන්ටුල් බෞද්ධ විහාරස්ථානය (Sentul Buddhist Temple) වෙත ගොස් එහි විහාරාධිපති හිමියන් හමුවිය. යුද්ධ හමුදාධිපති මෙම විහාරස්ථාන දෙකෙහිම ශ්‍රී ලංකාවේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා වෙත ගෞරව ප්‍රණාම පුද කළ අතර, විහාරස්ථාන දෙකෙහිම සුබසාධන කටයුතු සහ දැනට ක්‍රියාත්මක ආගමික කටයුතු පිළිබඳව සොයා බැලුහ.

එමෙන්ම යුද්ධ හමුදාධිපතිතුමා විහාරස්ථානයන්හි නික්මයාමට ප්‍රථම විහාරාධිපති හිමිවරුන් වෙත සමරු තිළිණ පිරිනැමූහ.

Best Authentic Sneakers | Trending