Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th August 2022 21:00:28 Hours

බුත්තල යුද්ධ හමුදා යුද විද්‍යාලයේ පැවති ත්‍රෛමාසික පාඨමාලා සාර්ථකව අවසන්

බුත්තල යුද්ධ හමුදා යුද විද්‍යාලය මගින් පවත්වනු ලැබූ දෙවන ත්‍රෛමාසික පාඨමාලාවන්හී සහතිකපත් ප්‍රදානෝත්සවය පසුගිය සෙනසුරාදා (6) දින එම විද්‍යාල ශ්‍රවණාගාර පරිශ්‍රයේදී පැවති අතර එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා යුද විද්‍යාලයේ සේනාවිධායක බ්‍රිගේඩියර් වයි.ඒ.බී.එම් යහම්පත් සමඟින් එම විද්‍යාලයේ නියෝජ්‍ය සේනාවිධායක සහභාගී වූහ.

මෙම සහතිකපත් ප්‍රදානෝත්සවයේදී, ජ්‍යෙෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලා අංක 05, කනිෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලා අංක 24 සහ කනිෂ්ඨ මාණ්ඩලික පාඨමාලා අංක 22 යන පාඨමාලාවන් සඳහා සහභාගි වූ බංගලාදේශ ශිෂ්‍ය නිලධාරියෙකු ඇතුළු ශිෂ්‍ය නිලධාරීන් 143 දෙනෙකු වෙත සහතිකපත් පිරිනමනු ලැබූහ.

මෙම සහතිකපත් ප්‍රදානෝත්සවය සඳහා යුද්ධ හමුදා යුද විද්‍යාලයේ ප්‍රධාන උපදේශක, එක් එක් පාඨමාලාවන්හී උපදේශක නිලධාරීන්, අධ්‍යයන අංශයේ ප්‍රධානී, යුද විද්‍යාලයේ උපදේශන නිලධාරි කාර්ය මණ්ඩලය සහ ස්ථිර කාර්ය මණ්ඩල සාමාජිකයින් ද සහභාගී වූහ. මෙහිදී, බංගලාදේශ යුද්ධ හමුදා ශිෂ්‍ය නිලධාරී සහ යුද්ධ හමුදා යුද විද්‍යාලයේ සේනාවිධායක අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරිණි.

මෙම පාඨමාලාවන්හි වැඩිම ලකුණු ලබාගත් ශිෂ්‍ය නිලධාරීන් වෙත යුද්ධ හමුදා යුද විද්‍යාලයේ සේනාවිධායක විසින් විශේෂ ත්‍යාගයක් ද පිරිනමන ලදී.

ජ්‍යෙෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලා අංක - 05

ප්‍රථම ස්ථානය

මේජර් ටීකේඊ මඩවල - ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව

දෙවන ස්ථානය

මේජර් එස්එම්එන්කේබී සෙනෙවිරත්න - විශේෂ බලකාය

තෙවන ස්ථානය

ලුතිනන් කර්නල් ආර්කේකේ පරගහතන්ත්‍රී - ශ්‍රී ලංකා යුද්ධ හමුදා සන්නාහ සන්නද්ධ බලකාය

කනිෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලා අංක - 24

පළමු ස්ථානය

මේජර් යූඒඑස්යූ උක්වත්ත - ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාලතුවක්කු හමුදාව

දෙවන ස්ථානය

කපිතන් එම්ඩී මුන්ටාකීමූල් හක් - බංගලාදේශ යුද්ධ හමුදාව

තෙවන ස්ථානය

මේජර් පීඑම්පී පන්නලගේ - ගජබා රෙජිමේන්තුව

කනිෂ්ඨ මාණ්ඩලික පාඨමාලා අංක - 22

පළමු ස්ථානය

කපිතන් ටීඩී මුදලිගේ - ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව  

දෙවන ස්ථානය

කපිතන් ඩීඑම්එස්එම් දිසානායක - විශේෂ බලකාය  

තෙවන ස්ථානය

කපිතන් ආර්ඒඑච්සී රූපසිංහ - ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාලතුවක්කු හමුදාව