Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th March 2020 21:42:52 Hours

බුත්තල නිලධාරි ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ ශිෂ්‍ය නිලධාරීන් යුද්ධ හමුදාධිපති සමඟ සාකච්ඡාවක

බුත්තල නිලධාරි ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානය මඟින් පවත්වනු ලබන ඒකක අණදෙන නිලධාරි පාඨමාලාව හදාරණ ශිෂ්‍ය නිලධාරින් පාඨමාලාවේ එක් අදියරක් ලෙස ක්ෂේත්‍රය පිළිබඳ මනා දැනුමක් සහ අවබෝධයක් ලබාගැනීමේ අරමුණින් සිකුරාදා (06) දින උදෑසන යුද්ධ හමුදා මුලස්ථානයේ දී යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ඇතුළු යුද්ධ හමුදා ප්‍රධාන මාණ්ඩලික නිලධාරින් හමුවී සාකච්ඡාවක නිරත වූහ.

එහිදි, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් යුත් කමිටුවක් විසින් මෙම පාඨමාලාව හදාරණු ලබන ශිෂ්‍ය නිලධාරින් 21 දෙනා සමඟ සම්මුඛ සාකච්ඡා පවත්වා අණදීමේ උපාය මාර්ගය හා එම නිලධාරීන් පාඨමාලව තුල දී ලබාගත් දැනුම පිළිබඳ විමසනු ලැබීය.

අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් ‘සමකාලීන බලඇණියේ අණදෙන නිලධාරියාගේ කාර්යභාරය’ පිළිබඳ කෙටි කතාවක් සිදු කරමින් අණදෙන නිලධාරීයෙකු ලෙස පුහුණු සැසි වලදී ඔවුන්ගේ වගකීම් සහ දැනුම රැස් කිරීමේ වැදගත්කම පිළිබඳව වැඩිදුර දැනුවත් කළේය. පසුව එම ශිෂ්‍ය නිලධාරීන්ට යුද්ධ හමුදාධිපති සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටීමට ද අවස්ථාව හිමි විය.

අවසන් අංගය ලෙස එම ශිෂ්‍ය නිලධාරීන් නියොජ්‍ය මාණ්ඩලික ප්‍රධානී නිර්මාල් ධර්මරත්න, ශ්‍රි ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන, පාබල අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ මේජර් ජෙනරාල් මනෝජ් මුදන්නායක, උපකරණ මාස්ටර් ජෙනරාල් දුමින්ද සිරිනාග, විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් චූල අබේනායක, යුද සේවා ලේකම් මේජර් ජෙනරාල් ජයශාන්ත ගමගේ, සැලසුම් අධ්‍යක්‍ෂ මේජර් ජෙනරාල් කේ. ඩබ්ලිව් ආබෘ සහ යුද්ධ හමුදා මූලස්ථානයේ පුහුණු අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් අයි.එච්.එන්.එම්.එම් හේරත් යන ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන් සමඟ ද සාකච්ඡා කිරීමට අවස්ථාව හිමි විය.

යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති මෙම අවස්ථාව සඳහා නිලධාරි ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ සේනාවිධායක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර සහ ප්‍රධාන උපදේශක ඇතුළු පිරිස ද සහභාගි වූහ. Best Nike Sneakers | nike fashion