Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd April 2018 20:06:51 Hours

බුඔය පිහිටි ඉංජිනේරු බලසේනා මුලස්ථානයේ නව අවුරුදු සමරයි

උදාවු සිංහල හා දෙමළ අලුත් අවුරුදු උදාව වෙනුවෙන් ඉංජිනේරු බලසේනා මුලස්ථානය විසින් සංවිධානය කරන ලද අලුත් අවුරුදු උත්සවය සිකුරාදා (20) දින ඉංජිනේරු බලකා නිලධාරි සහ සෙසුනිලයින් රැසකගේ සහභාගිත්වයෙන් වව්නියාව, බුඔය පිහිටි ඉංජි‍නේරු බලසේනා මුලස්ථාන පරිශ්‍රයේ දී පැවත්විණි. මෙම අලුත් අවුරුදු උත්සවය සඳහා 1, 7, 8, 9, 10 සහ 11 වන ක්‍ෂේත්‍ර ඉංජිනේරු බලකායන් එක්වු අතර සම්ප්‍රදායික ජන ක්‍රීඩා සහ විනෝදාස්වාදය ගෙන දෙන ක්‍රීඩා රැසකින් ද සමන්විත විය.

බුඔය පැවති මෙම ‘බක්මහ උළෙල - 2018’ හි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ කර්නල් සේනාවිධායක සහ යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි සහභාගිවිය.

ඉංජිනේරු බලසේනාධිපති බ්‍රිගේඩියර් අමිත් සෙනෙවිරත්න විසින් ප්‍රධාන ආරාධිත අමුත්තා පිලිගන්නා ලද අතර එතුමන් අලංකාර වෙස් නර්තනාංගයක් සමගින් ප්‍රධාන වේදිකාව වෙත කැටුව යන ලදි. මේ සඳහා 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කුමාර පීරිස් සහ ඉංජිනේරු බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එස්.ටි.බි. දිසානායක ද එක්විය.

මෙම බක් මහ උළෙලේ සමාරම්භය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ කර්නල් සේනාවිධායකතුමන් විසින් ජාතික ධජය ඔසවන ලද අතර සහභාගිවුවන් විසින් ජාතික ගීය ගායනා කරන ලදී.

රබන් වැයීම, පැදුරු විවීම, ග්‍රිස් ගසේ නැගිම, කණා මුට්ටිය බිදිම, අලියාට ඇස තැබිම, වයස අවුරුදු 12 න් පහල අවුරුදු කුමාරිය තේරිමේ තරගය, බනිස් කැමේ තරගය, මැරතන් තරගය, කාන්තා හා පිරිමි කඹ ඇදිමේ තරග යන සාම්ප්‍රදායික හා විනෝදාස්වාදය ගෙන දෙන ජන ක්‍රීඩා රැසකින් විවිධ වයස් කාණ්ඩයන් යටතේ පවත්වනු ලැබු අතර ඒ සඳහා විශාල පිරිසක් සහභාගිවන ලදී.

ගම්මානයක ඇති සාමාන්‍ය ගැමි නිවසක් පිලිඹිබු කරමින් ඉදිකරන ලද ‘ගැමි ගෙදර’ ආකෘතිය කාගේත් සිත් දිනාගත් අතර සම්ප්‍රදායික රසකැවිලි වලින් යුක්ත වු තේ පැන් සංග්‍රහය සඳහා නිලධාරින්, සෙසුනිලයින් සහ ඔවුන්ගේ පවුල්වල ඥාතින් ද එක් ව සිටියහ.

ප්‍රධාන ආරාධිත අමුත්තා ඇතුළු ඉංජිනේරු බලකා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයින් සහ හමුදා සමාජිකයන්ගේ පවුලේ ඥාතින් අතර සුහදත්වය වර්ධනය කරමින් පැවති මෙම බක් මහ උළෙලේ තරග ඉසව්වලින් ජයග්‍රහණය ලැබුවන් සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, ඔවුන්ගේ බිරින්දෑවරුන් සහ රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් විසින් ත්‍යාග ප්‍රදානය කරන ලදී. ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ කර්නල් සේනාවිධායකතුමන් විසින් මැරතන් ධාවන තරගයෙන් ජයග්‍රහණය කරන ලද පළමු තරගකරුවන් දසදෙනා ‍වෙත ත්‍යාග පිරිනමන ලදී.

මෙම බක්මහ උළෙල අවසානයේ බුඔය කඳවුරු පරිශ්‍රයේ සංගීත සන්ධ්‍යාවක් ද පවත්වන ලදී.

Nike footwear | Archives des Sneakers