Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th March 2020 18:01:39 Hours

බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ නව ආඥාපති හට සිය ධූරයේ රාජකාරී ආරම්භ කිරිම හා විශ්‍රාම දිවියට පිවිසෙන හිටපු ආඥාපති වෙත ගෞරවාචාරය පිරිනැමීම

පනාගොඩ බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ නව ආඥාපති ලෙස මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න සිකුරාදා (6) දින පැවති උත්සවයකදී සිය කාර්යාලයේදී සුභ මොහොතින් නව ධූරයේ රාජකාරී භාරගනු ලැබීය

බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය වෙත සපැමිණි නව ආඥාපති හට හමුදා සම්ප්‍රදායානූකූල කදවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවාචාරය පුදකරනු ලැබීය.

පසුව, නව ආඥාපති, සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් සිය කාර්යාලයේදී රාජකාරි භාරගනු ලැබීය.

ඉන් අනතුරුව, එම අවස්ථාවට සැමරුමක් එක්කරමින් කඳවුරු පරිශ්‍රයේ අඹ පැළයක් රෝපණය කිරිම සඳහා එතුමන්ට ආරාධනා කරනු ලැබීය.

අනතුරුව, හමුදා සම්ප්‍රදායන්ට අනුව භටපිරිස් ඇමතූ එතුමන් රාජකාරි ස්භාවය හා රටේ සමෘද්ධිය මෙන්ම යුද්ධ හමුදා ප්‍රතිරූපය ප්‍රවර්ධනය කිරීම සඳහා කණ්ඩායමක් ලෙස වැඩ කිරීමේ වැදගත්කම පෙන්වා දුන්නේය.

මේජර් ජෙනරාල් සෙනෙවිරත්න මෙම නව පත්වීම භාර ගැනීමට පෙර මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ආඥාපති ලෙස කටයුතු කරනු ලැබු අතර යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම යාමට නියමිත මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ ගෙන් පසුව එම තනතුරෙහී රාජකාරී භාරගනු ලැබීය.

මේ අතර, බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති ලෙස කටයුතු කළ නුදුරේදී විශ්‍රාම යාමට නියමිත මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ නික්මයෑම වෙනුවෙන් ශ්‍රී ලංකා පාබල හමුදා භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානූකූල කදවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවාචාරය පිළිගන්වනු ලැබීය. එම අවස්ථාවේදී, මේජර් ජෙනරාල් මුදලිගේට පනාගොඩ හමුදා කඳවුරේ ප්‍රදාන දොරටුව අසල ආරක්‍ෂක පරීක්‍ෂාවන් සඳහා ඉදිකරනු ලැබු නව කුටිය විවෘත කිරීමට ද ආරාධනා කරන ලදී.

ඉකුත් බ්‍රහස්පතින්දා (5) දින මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සියලුම නිලයන් ඇමතු අතර අනතුරුව සිය ධුර කාලය තුළ තමාට ලබා දුන් සහයෝගය වෙනුවෙන් ඔහු සෑම නිලයකටම ස්තූතිය පුද කළේය. පසුව එතුමන් සියළු නිල තේපැන් සංග්‍රායකට සහභාගී වූහ.

බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේ පැවති මෙම විශේෂ අවස්ථාවන් දෙක සඳහා 14 සහ 61 යන සේනාංකයන්හී සේනාංකාධිපතිවරු, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයින් පිරිසක් සහභාගී වූහ. bridgemedia | Women's Nike Air Force 1 Shadow trainers - Latest Releases , Ietp