08th July 2019 18:27:53 Hours
පනාගොඩ පිහිටි බටහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ දී ඉකුත් බදාදා (3) දින පවත්වනු ලැබු ‘2019 - නවෝත්පාදන’ ප්‍රදර්ශනයේදී සම්මාන දිනාගත් ප්‍රමුඛතම නව නිපැයුම් ප්‍රදර්ශනයන් අතර නව අන්තර් ක්‍රියාකාරී ගුවන් විදුලි සන්නිවේදන පද්ධතිය, ඉලෙක්ට්‍රොනික් රයිස් ස්ටීමර්, ස්ටෑන්ඩ් ජින්සු මැෂින්, බෝතල් ශීතකරණය සහ වාහන ද්විත්ව සංඥා පද්ධතිය යන උපකරණ ප්‍රධාන ස්ථානයන් ගන්නා ලදී.
බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ගේ මඟ පෙන්වීම තුළින් නවෝත්පාදනයන් සඳහා වූ තරඟය 2019 දී සාර්ථක වූ අතර එමගින් සමාජයට සහ නව ලෝකයට විශාල වශයෙන් නව නිපැයුම් හා නව නිපැයුම් නිර්මාණය කිරීම සඳහා භට පිරිස් දිරිමත් කරනු ලැබීය.
නවෝත්පාදන 21 ක් ප්‍රදර්ශනය කරනු ලැබූ මෙම තරඟාවලියේ නිෂ්පාදනවල ගුණාත්මකභාවය විනිශ්චය කරනු ලැබුවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පර්යේෂණ නිලධාරීන්, තාක්ෂණික සංවර්ධන ආයතනයේ නිලධාරීන් සහ යුද්ධ හමුදා පර්යේෂණ හා සංවර්ධන අධ්යක්ෂ මණ්ඩලය විසිනි.
හොඳම ජයග්‍රාහකයින් පහත දැක්වේ;
ප්‍රථම ස්ථානය - 10 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ මාණ්ඩලික සැරයන් සුජිත් කුමාර (අන්තර් ක්‍රියාකාරී ගුවන් විදුලි සන්නිවේදන පද්ධතිය)
දෙවන ස්ථානය - ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ කපිතන් වයි.අයි.එම්. ජෙරේරා, ලාන්ස් කෝප්රල් ඩී.ජී. ස්වර්ණකුමාර සහ සාමාන්‍ය සෙබල ඩී.ජී.එස්. උදය කුමාර (ඒකාබද්ධව නිපදවන ලද ඉලෙක්ට්‍රොනික් රයිස් ස්ටීමර්)
තුන්වන ස්ථානය - ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ කෝප්රල් කේ.පී. ශ්‍රීමාල් (ස්ටෑන්ඩ් ජින්සු මැෂින්)
හතරවන ස්ථානය - 1 වන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ කපිතන් ඩී.එම්.පී.එම්. දසනායක (බෝතල් ශීතකරණය)
පස්වන ස්ථානය - 2 වන සන්නද්ධ බුද්ධි බලකායේ සැරයන් ඩී.එම්.එල්. දිසානායක (වාහන ද්විත්ව සංඥා පද්ධතිය)
මෙම ප්‍රදර්ශනයෙහි තේරීම් කමිටුව පර්යේෂණ හා සංවර්ධන අධ්යක්ෂ මණ්ඩලයේ අධ්යක්ෂ බ්‍රිගේඩියර් ඩී.ආර්. ධර්මසිරී, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පර්යේෂණ නිලධාරී රංජන් ජෝසෆ් මහතා සහ යාන්ත්‍රික තාක්ෂණික ආයතනයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්යක්ෂ ඒ.ඒ.එම්.ටී. අධිකාරී මහතා යන මහත්වරුන්ගෙන් සමන්විත විය. Running sport media | Nike Shoes