Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th July 2019 13:37:01 Hours

බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති 58 වන සේනාංකයේ සහ ඒකකයන්හි සංචාරයක

මෑතකදි රාජකාරි භාරගනු ලැබු බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ ඉකුත් සිකුරාදා (26) දින බුස්ස ප්‍රදේශයේ පිහිටි 58 වන සේනාංකයේ සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන්හී සිය පළමු නිල සංචාරය සිදු කරනු ලැබීය.

58 වන සේනාංක මුලස්ථානය වෙත සපැමිණි නව ආඥාපතිතුමන්ව, එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජයන්ත ගුණරත්න විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව ප්‍රධාන දොරටුව අභියසදී හමුදා සම්ප්‍රදායානුකූලව කඳවුරු සම්මාන මුරයක් එතුමන් වෙත පිරිනමනු ලැබීය.

ඉන් අනතුරුව, එතුමන් වෙත සේනාංක පරිශ්‍රයේ නවතමයෙන් ඉදිකරන ලද ටෙනිස් පිටිය විවෘත කිරිම සඳහා ආරාධනා කරන ලදි. නව ආඥාපති තුමන් 58 සේනාංක මුලස්ථාන පරිශ්‍රයේ සිදුකල සංචාරය සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ ‘පොල්’ පැළයක් ද රෝපණය කරන ලදී.

බටහිර ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් සියලුදෙනා අමතමින්, ඉහළ මට්ටමක විනයක් පවත්වා ගනිමින් පුහුණු කටයුතු හා අනෙකුත් ක්‍රියාකාරකම් නොකඩවා පවත්වාගෙන යන ලෙස පවසා සිටියේය.

බටහිර ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් මෙම සංචාරය අතරතුරදි, 3 වන (ස්වෙච්ඡා) ගැමුණු හේවා බළකාය සහ 14 වන (ස්වෙච්ඡා) ගැමුණු හේවා බළකා මුලස්ථානයන්හි සංචාරය කළ අතර එම සංචාර සිහිවනු වස් එතුමන් එම කඳවුරු පරිශ්‍රයන්හි පැළ රෝපණය කරන ලදී.

මෙම ක්ෂේත්‍ර නිල සංචාය අතරතුරදි, සේනාංකය යටතේ ස්ථාපිත සියලුම බලසේනාවන්හි බලසේනාධිපතිවරුන් සහ ඒකකයන්හි අණදෙන නිලධාරීන් එතුමන් හමුවු අතර විවිධ පරිපාලන අංශ, මෙහෙයුම් අවශ්‍යතා, සුභසාධන ක්‍රියාමාර්ග සහ යුද්ධ හමුදා සාමාජිකයින්ගේ අවශ්‍යතා පිළිබඳව කරුණු සාකච්ඡා කිරීමට ද මෙහිදී අවස්ථාවක් ලැබුණිAuthentic Nike Sneakers | Air Jordan 1 Retro High OG "UNC Patent" Obsidian/Blue Chill-White For Sale – Fitforhealth