Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd June 2020 12:12:10 Hours

බටහිර ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් 143 බලසේනා පරිශ්‍රයේ සංචාරයක නිරත වෙයි

වයඹ පළාතේ, පුත්තලම් දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු සහ වත්මන් තත්ත්වය පිළිබඳ පූර්ව අවබෝධයක් ලබාගැනීමේ අරමුණින් බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජයන්ත සෙනවිරත්න ඉකුත් සදුදා (22) දින 143 වන බලසේනා බලප්‍රදේශයේ, 16 වන ගජබා රෙජිමේන්තුවේ සහ 1 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ සංචාරයක නිරත විය.

මීට අමතරව, ක්ලබ් ඩොල්ෆින් හෝටල් නිරෝධායන මධ්‍යස්ථානයේ සහ ඉරනවිල ප්‍රදේශයේ අභිනවයෙන් ඉදිකරන ලද කොවිඩ්-19 හුදකලා රෝහලේ සංචාරයක නිරත වූ බටහිර ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් එහි අණදෙන නිලධාරීන් සහ සෞඛ්‍ය නිලධාරීන් සමඟ සිය අදහස් හුවමාරු කරගත්හ. මෙම සංචාරය සංකේතවත් කරමින් එතුමන් කඳවුරු පරිශ්‍රයන්හි පැළ ද රෝපණයක් ද සිදුකරනු ලැබීය.

මෙම සංචාරය සඳහා 14 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච්.එම්.පී.ඩි. හැන්ගිලිපොල ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු එක්වූහ. Asics shoes | Best Nike Air Max Shoes 2021 , Air Max Releases and Deals