Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd September 2020 10:30:03 Hours

බටහිර ආඥාපති ධූරයෙන් නික්මයන ආඥාපතිතුමන්ට බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ගෞරවාචාරය

බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ආඥාපති ලෙස මැනවින් රාජකාරී ඉටුකරමින් සිය ධුරයෙන් නික්මයන මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න වෙත ගෞරවාචාරයන් පුද කිරිමේ උත්සවයක් ඉකුත් බදාදා (02) දින පනාගොඩ බටහිර ආරක්‍ෂක මූලස්ථාන පරිශ්‍රයේදී පවත්වනු ලැබිණි.

බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයට සපැමිණි, නික්ම යන ආඥාපතිතුමන් වෙත ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් කඳවුරු සම්මා මුරයක් සහ සම්මාන මුරයක් පිරිනමමින් ගෞරවාචාරයන් පුද කළේය. අනතුරුව සියළු නිලයන් ඇමතු මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති ධූරය හෙඹ වූ කාලය තුළ තමන් වෙත සහයෝගය දැක් වූ සියළු නිලයන් වෙත සිය කෘතඥ තාවය ඵල කර සිටියේය. මෙම සමුගැනීමේ උත්සවයට සමගාමීව බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් සියළු නිලයන් තේපැන් සංග්‍රහයක් ද සංවිධානය කර තිබුණි.

ආඥාපතිතුමන්ගේ නික්මයෑමේ උත්සව අවස්ථාව වෙනුවෙන් බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයට අනුයුක්තව සේවයේ යෙදී සිටින අධ්‍යක්‍ෂ මණ්ඩලයන්හී අධ්‍යක්‍ෂ වරුන්, මධ්‍යස්ථාන සේනාවිධායක වරුන්, සේනාංකාධිපති වරුන්, අණදෙන නිලධාරීන් ඇතුළු නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයන් පිරිසක් සහභාගී වූහ. Sports News | Nike