Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th June 2020 19:50:06 Hours

බංඩාරවෙල ප්‍රදේශයේ හදිසියේ ඇතිවූ ගින්නක් මැඩපැත්වීමට යුද්ධ හමුදා සහ ගුවන් හමුදා භට පිරිස් හී සහය

බංඩාරවෙල දෝව මහවන්ගුව ප්‍රදේශයේ ඉකුත් සෙනසුරාදා (13) දින හදිසියේ ඇති වූ ගින්න මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයේ සහ 112 වන බලසේනාවේ හා දියතලාව ගුවන් හමුදා කඳවුරේ භටපිරිස් එක්ව බංඩාරවෙල නගර සභාවේ ගිනි නිවන භටයින්ගේ ද සහය ඇතිව ඇති වූ ගින්න පාලනය කරන ලදී.

මෙම අවස්ථාවට මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයේ එක් නිලධාරියෙකු සහ සෙසු නිලයන් 20 දෙනෙකුන්ද, 112 වන බලසේනාවේ එක් නිලධාරියෙකු සහ සෙසු නිලයන් 10 දෙනෙකුන් ඇතුළු ගුවන් හමුදා කඳවුරේ එක් නිලධාරීයෙකු සහ සෙසු නිලයින් 24 දෙනෙකු යුහුසුළුව ක්‍රියාත්මක වී හදිසියේ ඇති වී වේගයෙන් පැතිරෙමින් තිබූ ගින්න නිවා දැමීමට කටයුතු කළේය.

මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපතිගේ උපදෙස් පරිදි 112 වන බලසේනාවේ බලසේනාධිපතිගේ අධීක්ෂණය යටතේ හදිසියේ ඇති වූ ගින්න අවධානමකට කල්වීමට පෙර මැඩපැත්වීමට හැකිවිය. Buy Kicks | Nike Air Max 97 GS Easter Egg 921826-016 , Fitforhealth