Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th September 2019 11:00:06 Hours

පොලිස් විශේෂ කාර්යය බලකා අනුස්මරණය උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් සහභාගී වේ

වසර 30 ක් පුරා පැවති එල්ටීටීඊ ත‍්‍රස්තවාදය පරාජය කර ලබාගත් ජයග‍්‍රහණය සඳහා සක්‍රීයව දායක වූ සහ මේවනවිට රට තුළ නීතිය හා සාමය පවත්වාගෙන යාමට පූර්ණ වශයෙන් කැපවී සිටින පොලිස් විශේෂ කාර්යය බලකායේ යුද වීරයන්ගේ සිය 35 වන ගුණ අනුස්මරණ සමරුම් උළේල ඉකුත් ඉරිදා (1) දින උත්සවාකාරයෙන් පැවැත්වුහ.

ත්‍රස්තවාදී ක්‍රියා මැඩපැවැත්වීම සඳහා වර්ෂ 1983 දී පිහිටුවන ලද පොලිස් විශේෂ කාර්යය බලකාය රට වෙනුවෙන් සිදු කළ ප්‍රශංසනීය සේවයට උත්තමාචාර එක් කරමින් අනුස්මරණ සැමරුම් උළෙල අම්පාර ප්‍රදේශයේ පිහිටි පොලිස් විශේෂ කාර්යය බලකා කඳවුරේදී පැවැත්විය.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර සහභාගී විය.

එම අවස්ථාව සඳහා සපැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තා අම්පාර පොලිස් විශේෂ කාර්යය බලකා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. අනතුරුව, පොලිස් විශේෂ කාර්යය බලකායේ රණවිරු ස්මාරකය වෙත දේශය වෙනුවෙන් දිවිපිදු වීරෝධාර රණවිරුවන් සිහිකරමින් පුෂ්පෝපාහර දැක්වීය. එහිදි එම අවස්ථාවට එක්ව සිටි සියළුදෙනා අසුන් වලින් නැගිට මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවයක් සිදු කර දිවිපිදු රණවිරුවන්ට ඔවුන්ගේ උපහාරය එක් කළේය. පසුව එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක් වූ නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් විශේෂ කාර්යය බලකා අනුස්මරණ උත්සවයට සහභාගී වූ සියළු සමාජිකයින් අමතමින් ඔවුන් ජාතිය වෙනුවෙන් සිදු කළ අමිළ මෙහෙවර වෙනුවෙන් සිය කෘතඥතාවය පුද කළේය.

පසුව තම මවුබිම වෙනුවෙන් දිවිපිදු විශේෂ කාර්යය බලකායේ වීරෝධාර රණවිරුවන් ගේ දරුවන් පිරිසක් අතර ශිෂ්‍යත්ව ප්‍රධානය කිරිම සඳහා නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන්ට ආරාධනා කරන ලදී. එහිදී එම අවස්ථාව සංකේතවත් කරමින් එම කඳවුරු පරිශ්‍රය තුළ පැළයක් ද එතුමන් විසින් රෝපණය කළේය.buy shoes | Ανδρικά Nike