Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th August 2020 21:54:50 Hours

පොල්පැල සිටුවීමේ ව්‍යාපෘතියකට කිළිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති එක්වෙයි

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සම්පත් කොටුවේ ගෙදර, නව ධූරයේ රාජකාරී භාරගැනිමෙන් පසු ඉකුත් (29) දින අක්කරායන්කුලම් පිහිටි 652 වන බලසේනා මූලස්ථානයේ නිල සංචාරයක නිරත වූ අතර, එහිදි ආඥාපතිතුමන්ගේ සංචාරය සනිටුහන් කරමින් 652 වන බලසේනාව විසින් එම බලසේනා මූලස්ථාන පරිශ්‍රයේ අක්කර 5ක පමණ භූමී ප්‍රමාණයක පොල් පැළ රෝපණය කිරිමේ ව්‍යාපෘතියක් ආරම්භ කරනු ලැබීය.

65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් හේමන්ත බණ්ඩාරා ගේ උපදෙස් මත 652 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් අනිල් පෙරේරා ගේ අධීක්‍ෂණය යටතේ පැවැත් වූ මෙම වැඩසටහන සඳහා 652 වන බලසේනාවේ සහ එම බලසේනාව යටතේ ස්ථාපිත ඒකකයන්හී නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයන් පිරිසක් සහභාගී වූහ. Authentic Sneakers | Air Jordan