Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24th April 2018 06:00:31 Hours

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දක්ෂතා දැක්වූ මූෂ්ටි ප්‍රහාරක ක්‍රීඩක ලාන්ස් කෝප්‍රල් බණ්ඩාර හට යුද්ධ හමුදාවෙන් ලැබුණු සහයෝගය ප්‍රසංශාවට

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් බිහිවූ ලෝක ශ්‍රේණිගත මුෂ්ටි ප්‍රහාරක ක්‍රීඩකයෙකු වන ඉංජිනේරු සේවා බලකායේ ලාන්ස් කෝප්‍රල් ඉෂාන් බණ්ඩාර යුද්ධ හමුදාවට මෙන්ම තම දේශයට කීර්තියක් අත්පත් කර දෙමින් ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් හිදී පවත්වන ලද පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල - 2018 හීදි පිරිමි කිලෝග්‍රෑම් 52 බර පන්තිය යටතේ පැවති මුෂ්ටි ප්‍රහාරක අර්ධ අවසන් වටයේ තරගයේදී ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් විය.

රුපියල් මිලියන ගණනක් වැය කරමින් ලාන්ස් කෝප්‍රල් බණ්ඩාර හට ජයග්‍රහණය ලැබීම සඳහා සහාය දැක්වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූෂ්ටි ප්‍රහාරක කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් මෙන්ම පුහුණුකරු බළලත් නිලධාරි I සම්පත් ජයතිලක ඇතුළු සියලුදෙනාටම සිය ප්‍රශංසාව පිරිනමනු ලැබීය.

ලාන්ස් කෝප්‍රල් බණ්ඩාර, ගෝල්ඩ් කෝස්ට් හිදී පවත්වන ලද පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී ප්‍රතිවාදී ඉන්දිය ක්‍රීඩකයන් සමඟ උරෙන් උර ගැටී කැපීපෙනෙන ලෙස දස්කම් දක්වනු ලැබීය.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූෂ්ටි ප්‍රහාරක කමිටුවේ සභාපතිතුමන්ගේ පූර්ණ ආශිර්වාදය ඇතිව 2010 වසරේ සිට මේ දක්වා යුද්ධ හමුදාව ඔහුගේ පුහුණුවීම් කටයුතු සඳහා රුපියල් මිලියන 3 ක පමණ මුදලක් වැය කරමින් උස්බෙකිස්තානය, නෙදර්ලන්තය, යුක්රේනය, කසකස්තානය, පෝලන්තය සහ පින්ලන්තය යන රටවල පුහුණු කටයුතු සඳහා යොමු කරනු ලැබීය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සහයෝගය ඇතිව යුද්ධ හමුදා මුෂ්ටි ප්‍රහාරක පුහුණුකරු විසින් කෝප්‍රල් බණ්ඩාර හට ජාත්‍යන්තර මට්ටමේ තරඟ සඳහා සහභාගිවීමට අවශ්‍ය මනා පුහුණුවක් විධිමත් අයුරින් ලබාදෙන ලදි. ලාන්ස් කෝප්‍රල් බණ්ඩාර හට මූලික පුහුණු කටයුතු සඳහා කාලය වෙන්කරදිම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සේවා බලකායේ කර්නල් සේනාවිධායකතුමන්ට සිය කෘතඥතාවය පුද කල සිටි අතර සිය සහෝදරයාගෙන් සහ පවුලේ සියලුදෙනාගෙන් මේ සඳහා ලද සහයෝගය විශේෂයෙන්ම ලාන්ස් කෝප්‍රල් බණ්ඩාර විසින් සිහිපත් කරන ලදී.

ලාන්ස් කෝප්‍රල් බණ්ඩාර ලද ජයග්‍රහණයට සුභපැතුම් එක් කල යුද්ධ හමුදාධිපතිතුමන් ඉදිරියටත් ඔහු වෙත අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදෙන බවට පොරෝන්දු විය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට කීර්තියක් අත්කරදෙමින් ජාත්‍යන්තර මට්ටමේ තරඟයකදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් ලෝකඩ පදක්කමක් හිමිකරගත් පළමු අවස්තාව ද මෙය වේ. නුඳුරේදී මුෂ්ටි ප්‍රහාරක ක්‍රීඩක ලාන්ස් කෝප්‍රල් බණ්ඩාර දැක්වූ දක්ෂතාවය ඇගයීමට ලක් කරමින් උත්සවයක් ද පැවැතිවීමට නියමිතය.

Best Sneakers | [169220C] Stone Island Shadow Project (The North Face Black Box) – Hamilton Brown, Egret