Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th March 2020 15:03:33 Hours

පූජනීය වට්ටප්පලෙයි අම්මාන් කෝවිල් පරිශ්‍රය යුද්ධ හමුදා සාමාජිකයන් සියදෙනෙකුගේ සහභාගීත්වයෙන් පිරිසිදු කරයි

දිනපතා බැතිමතුන් සිය ගණනක් පැමිණෙන සුප්‍රසිද්ධ වට්ටප්පලෙයි අම්මාන් කෝවිල් පරිශ්‍රය හා ඒ අවට පිරිසිදු කිරිමේ දැවැන්ත ශ්‍රමදාන වැඩසටහනක් ඉකුත් අඟහරුවාදා (3) දින එම බැතිමතුන් සහ සිවිල් වැසියන් සමඟ යුද්ධ හමුදා නිලධාරීන් 10 දෙනෙකු සහ යුද්ධ හමුදා සාමාජිකයන් 300 දෙනෙකුගේ සහභාගීත්වයෙන් දියත් කර තිබිණි.

මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපතිගේ මඟ පෙන්වීම යටතේ දියත් කරන ලද මෙම ව්‍යාපෘතියට ආලම්පිල් හි ඇවලෝන් රිසෝර්ට්ස් සහ ස්පෙයාර්ස් පුද්ගලික සමාගම විසින් යන්ත්‍රෝපකරණ සහ අවශ්‍ය උපකරණ ලබා දී ඇත. එසේම, 'ඇවලෝන් රිසෝර්ට්ස්' හි අධ්‍යක්ෂ කේ. කයිෂාන් මහතා කෝවිල් බලධාරීන් සමඟ එක්ව මෙම විශේෂ ප්‍රජා වැඩසටහන සඳහා සහභාගී වූ සියලු දෙනා දිවා ආහාරය ප්‍රධානය කිරිමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර තිබිණි. jordan release date | Nike Air Jordan XXX Basketball Shoes/Sneakers 811006-101 Worldarchitecturefestival