Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th October 2016 13:52:50 Hours

පුනරුත්ථාපනයවූවන්ගේ අන්තර් ප්‍රාදේශීය කොට්ඨාශ මට්ටමේ පාපන්දු තරගාවලියක් යාපනයේ දී

පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් කාර්යාංශය විසින් පුනරුත්ථාපනයවූවන් සහ සිවිල් ක්‍රීඩකයින්ගේ සුසංයෝගයෙන් යුතුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි කණ්ඩායම් 15 කගේ සහභාගීත්වයෙන් සංවිධානය කරනු ලැබූ අන්තර් ප්‍රාදේශීය කොට්ඨාශ මට්ටමේ පාපන්දු තරගාවලිය සඳුදා (23) දින යාපනය දොරෙයිඅප්පා ක්‍රීඩාංගණයේ දී පවත්වනු ලැබීය.

ගරු අමාත්‍ය ඩී.එම් ස්වාමිනාදන්ගේ මඟනේවීම යටතේ මෙම ව්‍යාපෘතිය පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් මේජර් ජෙනරාල් ආර්.එම්.ජේ.ඒ රත්නායක සංවිධානය කළ අතර, මේ සඳහා යාපනය දිස්ත්‍රික් ලේකම් නාගලිංගම් වේදනායගම් සහ යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක පූර්ණ සහයෝගය දක්වා ඇත.

පැවති තියුණූ තරගයකින් පසු යාපනය දිස්ත්‍රික් ලේකම් කණ්ඩායම පලවන ස්ථානය දිනා ගත් අතර, සන්ඳිලිප්පායි ප්‍රාදේශීය ලේකම් කාර්යාල කණ්ඩායම දෙවන ස්ථානය ලබා ගැනීමට සමත් විය.

ජයග්‍රාහක කණ්ඩායම් සඳහා කුසලාන සහ මුදල් ත්‍යාග අනුග්‍රාහකයින් වන හච් ආයතනය සහ යාපනයෙහි ව්‍යාපාරිකයින් විසින් ලබා දුන් අතර, සන්ධ්‍යාවේ පැවති එම අවස්ථාව සඳහා පාපන්දු ක්‍රීඩා ලෝලීන් රැසක් ද එක් වූහ.

best shoes | New Balance 327 Moonbeam , Where To Buy , WS327KB , Worldarchitecturefestival