14th November 2023 22:14:15 Hours
වර්ෂ 2009 මැයි මාසයට ප්‍රථම පුනරින් ප්‍රහාරයේදී දිවිපිදු හා රණක්‍ෂිතයට පත් අභීත රණවිරුවන්ට පිං අනුමෝදන් කිරීමේ සහ ආශිර්වාද එක්කිරීමේ විශේෂ බෝධි පූජාමය පිංකමක් පුනරින් ප්‍රදේශයේ ස්ථාපිත 552 පාබල බලසේනා පරිශ්‍රයේදී පසුගිය සෙනසුරාදා (නොවැම්බර් මස 11) දින පැවැත්විය.
වර්ෂ 1993 නොවැම්බර් මස 11 දින පුනරින් ප්‍රදේශයේ කොටි ත්‍රස්තවාදීන් සමඟ පැවති මානුෂීය මෙහෙයුමේදී වීරෝදාර රණවිරුවන් මව්බිම වෙනුවෙන් සිය ජීවිතය පුජාකරනු ලැබූහ.
මෙම බෝධි පූජාමය පිංකමේදී පුනරින් ප්‍රහාරයේදී දිවිපිදු රණවිරුවන්ට පිං අනුමෝදන් කර රණක්‍ෂිතයට පත් රණවිරුවන් වෙනුවෙන් ආශිර්වාද එක්කරන ලදී.
ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එස්.ආර්.කේ. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පි එන්ඩියු පිඑස්සී ගේ උපදෙස් හා 55 පාබල සේනාංකයේ සේනාකාධිපති මේජර් ජෙනරල් ආර්.කේ.එන්.සී. ජයවර්ධන ආර්එස්පී එන්ඩීයූ ගේ මඟපෙන්වීම යටතේ 552 පාබල බලසේනාවේ භටපිරිස් මහා සංඝරත්නය වෙත අටපිරිකර පූජා කරමින් යුද්ධ හමුදා භටපිරිස් වෙත ආශිර්වාද එක්කරනු ලැබීය.
552 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්‍ෂණය යටතේ පැවති මෙම පුණ්‍ය වැඩසටහනේ සමාප්තිය සනිටුහන් කරමින් මාතෘභූමිය වෙනුවෙන් දිවිපිදු සහ රණක්‍ෂිතයට පත් රණවිරුවන්ට උපහාර පුදකරමින් ධර්ම දේශනාවක් පැවැත්වූ ස්වාමීන් වහන්සේ වෙත අටපිරිකර පුජාකරනු ලැබීය.