Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd April 2018 20:11:09 Hours

පුදුකුඩිඉරිප්පු හිදි 68 වන සේනාංකය නව අවුරුදු උත්සවය විනෝදාස්වාදයක් එක්කරයි

සිංහල හා දෙමළ නව අවුරුදු උදාව වෙනුවෙන් මුලතිව් ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ වන 68 වන සේනාංක මුලස්ථාන භට පිරිස් විසින් සංවිධානය කරන ලද නව අවුරුදු උත්සවය මුලතිව්, පුදුකුඩිඉරිප්පු ක්‍රිඩාංගණයේදී පසුගිය සෙනසුරාදා (21) දින පවත්වන ලදී.

ප්‍රදේශයේ ජිවත්වන විවිධ ජන වර්ගවලට අයත් ජනතාවගේ හොඳහිත, අන්නෝන්‍ය අවබෝධය, සංහිදියාව සහ සාමකාමි සහජිවනය වර්ධනය කිරිමේ අරමුණින් හා මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු ගේ ආශිර්වාදයෙන් 68 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රසික ප්‍රනාන්දු ගේ උපදෙස් පරිදි 68 වන සේනාංකය විසින් මෙම අවුරුදු උත්සවය සංවිධානය කරන ලදී.

මෙම නව අවුරුදු උත්සවය මැරතන් ධාවන තරගය, කොට්ටා පොර, කඹ ඇදිම, බනිස් කැමේ තරගය, අලියාට ඇස තැබිම, පාපැදි ධාවන තරගය ආදි බොහෝ සම්ප්‍රදායික හා විනෝදාස්වාදය ගෙන දෙන තරගවලින් සමන්විත වු අතර ඒ සඳහා හමුදා සාමාජිකයන් මෙන්ම සිවිල් වැසියන් ද සහභාගි වන ලදී.

මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති, 68 වන සේනාංකයේ සේනාංකාධිපති සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් තරගවලින් ජය ලැබුවන් වෙත ත්‍යාග ප්‍රදානය කරන ලද අතර හමුදා සාමාජිකයින් සහ සිවිල් වැසියන් විශාල පිරිසක් මේ සදහා එක්ව සිටියහ.

එමෙන්ම එදින සන්ධ්‍යාවේ සංගිත ප්‍රසංගයක්ද 68 වන සේනාංකය විසින් සංවිධානය කරන ලදී.

latest Nike release | Nike