Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24th October 2023 10:40:12 Hours

පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පුරන්ව තිබූ කුඹුරු යළි වගා කිරීමට යුද්ධ හමුදා භටපිරිස්හි සහය

68 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 3(ස්වෙච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ සහ 9 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් විසින් පුදුකුඩිඉරිප්පු සහ සුදණ්ඩිපුරම් යන ප්‍රදේශවල අඩු ආදායම්ලාභී පවුල් වල ගොවීන් තිදෙනෙකු වෙත එම ප්‍රදේශවල භාවිතයට නොගෙන තිබූ පුරන් වූ කුඹුරු නැවත වගා කිරීම සඳහා බිම් සකස්කර දී අවශ්‍ය සහාය ලබාදෙන ලදී.

බිත්තර බීජ මිලදී ගැනීම සහ අස්වනු නෙලීම සඳහා මූල්‍යමය ප්‍රථිපාදන සපයා ගැනීමට නොහැකි වීම හේතුවෙන් ගොවීන් එම කුඹුරු අස්වැද්දීම අතහැර දමා ඇති බැවින්, භටපිරිස් විසින් බිම් සකස් කිරීමට සහ බිත්තර බීජ ලබාදීමට මූල්‍යමය ආධාර සහ ශ්‍රම දායකත්වය ලබාදෙන ලදී.

68 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස් කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ උපදෙස් මත එම ඒකකයන්හි අණදෙන නිළධාරීන්ගේ අධීක්‍ෂණය යටතේ භටපිරිස් විසින් ප්‍රදේශවාසීන් අතර සහජීවනය සහ සාමය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙම ප්‍රජා සත්කාරක වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය.