Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th June 2020 09:34:22 Hours

පුද්ගලයින් 225 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලියෙන් අනතුරුව නිවෙස් වෙත පිටව ගොස් ඇති බව කොවිඩ්-19 වෛරසය පැතිරීමේ වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි

අද (18) දින UL - 288 දරණ මගී ගුවන් යානය මගින් ඩුබායි සිට මගීන් 290 දෙනෙකු පැමිණ ඇති අතර, ඔවුන් ත්‍රිවිධ හමුදාව විසින් මෙහෙයවනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමුකර ඇති බව අද (18) දින සන්ධ්‍යාවේ රාජගිරිය පිහිටි කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

අද (18) දින කටුකැලියාව නිරෝධායන මධ්‍යස්ථානයෙන් (04)ක්, ෂෙල්ටන් හොටෙල් කොස්ගොඩ නිරෝධායන මධ්‍යස්ථානයෙන් (07)ක්, අනර්වා හොටෙල් නිරෝධායන මධ්‍යස්ථානයෙන් (09)ක්, කන්දකාඩු නිරෝධායනය මධ්‍යස්ථානයෙන් (191) දෙනෙකු සහ දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයෙන් (14) දෙනෙකු ඇතුළු පුද්ගලයින් 225 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලියෙන් අනතුරුව PCR පරීක්ෂණ සිදුකර තම නිවෙස් වෙත පිටත්ව ගොස් ඇත. ඒ අනුව ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 14,960 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන්වී තම නිවෙස් වෙත පිටව ගොස් ඇත.

එසේම,අද (18) දිනය වන විට ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 39 ක් තුළ පුද්ගලයින් 3,914 දෙනෙකු මේවන විට නිරෝධායනය වෙමින් සිටී. තවද, අද (18) දින 1600 පැය වනවිට කොව්ඩ් - 19 ආසාධිත විදේශයන්හී සිට පැමිණි දෙදෙනෙකු (02) වාර්ථා වන අතර, පූර්ණ සුවය ලබා විසිහතර දෙනෙකු (24) රෝහල්වලින් පිටත්ව ගොස් ඇත. ඉන් දහතුන් දෙනෙකු (13) විදේශයන්හි සිට පැමිණි පුද්ගලයින් වන අතර, එකොලොස් දෙනෙකු (11) නාවික හමුදාවේ වීරෝදාර රණවිරුවන් වේ. Running sneakers | Nike, adidas, Converse & More