Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th February 2018 18:54:37 Hours

පිහිනුම් තරඟාවලියේ පිරිමි අංශයේ සමස්ථ ශුරතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට

අම්බලන්ගොඩ, ධර්මාශෝක විද්‍යාලය විසින් 45 වන වරටත් සංවිධානය කරන ලද සැතපුම් 2 විවෘත මුහුදු පිහිනුම් තරඟාවලිය -2018, ඉරිදා (18) දින පැවැත්වූ අතර තරඟාවලියේ සමස්ථ ශුරතාවය යුද්ධ හමුදා පිරිමි කණ්ඩයම විසින් හිමි කරගත්හ.

ක්‍රීඩා සමාජ සහ පාසල් 30 ක් නියෝජනය කරමින් පිහිනුම් ක්‍රීඩකයින් 300 කට වැඩි පිරිසකගේ සහභාගිත්වයෙන් අම්බලන්ගොඩ වෙරළ තීරයේ දී පැවති මෙම පිහිනුම් තරඟාවලිය පුරාවට යුද්ධ හමුදා ක්‍රීඩකයින් සිය දක්ෂතා පෙන්නුම් කරමින් තරඟාවලියේ පිරිමි අංශයේ සමස්ථ ශුරතාවය හිමි කරගැනීමට සමත්විය.

මෙම පිහිණුම් තරඟය සඳහා සහභාගි වූ පිහිනුම් ක්‍රීඩකයින් 300 ක් අතුරින් පළමු 25 දෙනා අතරට යුද්ධ හමුදා පිහිණුම්කරුවන් 15 ක් තේරිපත් වූ අතර, තරඟයේ තෙවන ස්ථානය හිමි කරගැනීමට ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ ලාන්ස් කෝප්‍රල් ඒ.එම්.ඒ.එස් අබේසිංහ සමත්විය.

Best Nike Sneakers | Air Jordan