Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th November 2019 17:22:27 Hours

පා ගමනේ යෙදුනු ප්‍රවීණයන් අලිමංකඩ වෙත ළඟා වේ

විශ්‍රාමික ප්‍රවීණයන් දෙදෙනෙකු වන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 2 වන ගජබා රෙජිමේන්තුවට අයත් (විශ්‍රාමික) සාමාන්‍ය සෙබල ආර්.ඩබ්ලිව්.වී. පියතිස්ස සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ (විශ්‍රාමික) බලලත් නිලධාරි එම්.බී.ඩබ්ලිව්. කුමාර යන විරුවන් දෙදෙනා ඉකුත් සිකුරාදා (22) දින යාපනය අර්ධද්වීපයේ පිහිටි නාගදීප විහාරස්ථානයේ සිට කතරගම පුද බිම දක්වා ආරම්භ කළ ගමන් මග අතර ඉකුත් ඉරිදා (24) දින අලිමංකඩ ප්‍රදේශයට ලඟාවීමත් සමග 66 වන සේනාංකයේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් එම විරුවන් දෙදෙනා පිළිගැනීම වෙනුවෙන් උත්සවයක් සංවිධානය කර තිබුණි.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සහ යාපනය ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන්ගේ ආශිර්වාදය ඇතිව ආරම්භ කළ මෙම ක්‍රියාදාමයේ අරමුණ වූයේ තම මාතෘ භූමියේ මෙන්ම සේවයේ යෙදි සිටින විරුවන්ගේ ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා සහ අත් පා අහිමි ආබාධිත රණවිරුවන් අතර චිත්ත ධෛර්යය වර්ධනය කිරිමේ දැඩි අභිප්‍රාය ඇති කිරිමයි.

අලිමංකඩ ප්‍රදේශයේදී මෙම රණවිරුවන් දෙදෙනාම ඉතා උණුසුම් අයුරින් පිළිගත් අතර එම ප්‍රදේශයේදී රණවිරුවන් දෙදෙනා හට ආහාර පාන ද ලබා දුන්හ. ප්‍රථමයෙන්ම එම රණවිරුවන් දෙදෙනා විසින් යුධ විරුවෙකු වූ හසලක ගාමිණි කුලරත්න ගේ පිළිරුව වෙත ආචාර කරන ලදී. එහිදී, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් රණවිරුවන් දෙදෙනා පිළිගනිමින් ඔවුන්ට සුභපැතුම් පිරිනමන ලදී. Nike air jordan Sneakers | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ