Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th January 2020 21:46:43 Hours

පාරම්පරික ‘අංගම්පෝර’ සටන් පුහුණු වූ දෙවන කණ්ඩායම විසිර යයි

පෞරාණික ආත්මාරක්‍ෂක සටන් කලාව ප්‍රචලිත කිරීමේ අරමුණින් පැවැත්වූ ස්වදේශීය ‘අංගම්පොර’ ආත්මාරක්‍ෂක සටන් කලා මුලික පුහුණු පාඨමාලා අංක 2 සාර්ථකව හැදෑරුවන්ට සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවය ඉකුත් ඉරිදා (05) දින කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේ පිහිටි ‘දස බල රාවනා’ අත්හදා බැලීම් හා සංරක්ෂණ ගම්මානයේ දී පැවැත්විණි.

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ආත්ම විශ්වාසය, චිත්ත ධෛර්යය සහ ඉවසීම ප්‍රවර්ධනය කිරීම සඳහා මෙන්ම පෞරාණික ආත්මාරක්‍ෂක සටන් කලාව හඳුන්වාදීම සහ ප්‍රචලිත කිරීමේ අරමුණින් ස්වදේශීය ‘අංගම්පොර’ ආත්මාරක්‍ෂක සටන් කලා මුලික පුහුණු පාඨමාලා අංක 2 මීට මාස කිහිපයකට ප්‍රථම 2019 ඔක්තෝබර් මස 3 වන දින ආරම්භ කරනු ලැබීය.

පාඨමාලාව සාර්ථකව නිම කරන ලද යුද්ධ හමුදා සාමාජිකයින් වෙත සහතික පත් පිරිනැමීමට ප්‍රථම ‘අංගම්පොර’ සටන් කලාව පිළිබඳ ඔවුන් උගත් ශීල්පීය දක්‍ෂතාවයන් විඳහා දැක්විමේ නිරූපණයක් ඉදිරිපත් කරන ලද අතර එහිදි ඔවුන් ආයුධ සහ වෙනත් උපාංග භාවිතා කරමින් ඔවුන් ලද පුහුණුව උපයෝගී කරගනිමින් ආත්ම ආරක්‍ෂක කුසලතා සහ සටන් කලා ශිල්ප ක්‍රම ප්‍රදර්ශනය කළහ.

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ ඉල්ලීමකට අනුව, අංගම්පොර උපදේශක රිටිගල සින්නක්කාර පරපූරේ කලාකීර්ති කලාවිභූෂණ දේවින්ද ලක්සිරි රණසිංහ මහතා විසින් මෙම ස්වදේශීය ආත්මාරක්‍ෂක සටන් කලාව දෙවන සෙබළුන් කණ්ඩාමට පුහුණු කළේය.

සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවයේ ප්‍රදාන ආරාධිත අමුත්තා ලෙස කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජයන්ත ගුණරත්න සහභාගී වූ අතර එහිදි ආඥාපතිතුමන් මුතුන් මිත්තන්ගෙන් පැවැත එන ආරක්‍ෂක තාක්‍ෂණික ක්‍රමවේදයන් ප්‍රවර්ධනය කිරීම සඳහා ප්‍රධාන උපදේශකතුමන් කරන ලද කැපවීම අගය කළේය.

මෙම සහතිකපත් ප්‍රදානය කිරීමේ අවස්ථාවට 57 සහ 66 සේනාංකයන්හී සේනාංකාධිපතිවරුන්, කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් පාලන හා භඨකාර්ය සම්පාදන නිලධාරී, බලසේනාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරීන් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් රැසක් සහභාගී වූහ. Nike Sneakers Store | Releases Nike Shoes